Latest Articles
Search

මේක කියවන්නම ඕන එකක්- සාරංග දිසාසේකර මුහුණු පොතට එක කල සංවේදී සටහන

1214
ඔහු රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..

Advertisement

ඒ වගේම හැකි හැම වෙලාවකම සමාජයට ආදර්ශයක් ලබාදෙන චරිතයක්..

Advertisement

Advertisement
සාරංග දිසාසේකර කියන මේ ආදරණීය චරිතයේ මුහුණු පොතේ තිබුණ මේ සටහන ඇත්තටම ගොඩක් සංවේදී වූ එකක්.. අපි හැමෝම මිනිස්සු.. එකිනෙකාට ගෞරව කරන එක, සමාජය තුළ හැමෝටම එක වගේ සලකන එක අපි කවුරු වුණත් පුරුදු වෙන්න ඕන.. මේ කියන්නේ අන්න ඒ වගේ කතාවක්.. මේ සටහන ඔහුටත් හරිම අහම්බයකින් වගේ මුණගැහෙන්න ඇති.. ඒත් ඒක තුළ ගැබ් වෙච්ච ලොකු අර්ථයක් තියනවා නේද කියලා බලන්නකෝ ..

Advertisement

“අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, ⁣වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට අක්කලාගේ පොඩි උන් ටික වට කරන් කෑම කනවා, කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම,
“සෝමා ඇන්ටී කෑම රහයි”
කියල කෑගහනව…
දවසක් සෝමා මා ළඟට ඇවිත් ⁣හිටගෙන ඇඹරෙනව…
“මොකද සෝමා?”
“සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ… සර්ද කීවේ එහෙම කියන්න..?”
“නෑ සෝමා…ඒ පුතාල පුරුදු වෙලා තියෙන හැටි..”
සෝමා ගෙ ඇස්වල කඳුලු..
“ඉතිං සෝමා ගෙ කෑම රහයිනෙ, එහෙම කියන එක වරදක් නෑනෙ..”
“නෑ සර්… එහෙම ඇහෙන එකම සතුටුයි..”
සෝමාට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා…
මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට තාත්තා වචනයෙන් අගය කළේ නැහැ, තාත්තා ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ…
ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි, හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති…
හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ…
ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං පොඩිවුන්ට කියල දුන්න කෑම කාල “අම්මෙ කෑම රහයි”, “ඇන්ටි කෑම රහයි”
කියල කියන්න…
මම විදේශ පුහුණුවට ඉද්දී ⁣දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා”අගය කරන” එක.
“ඔබ හොඳින්ද” කියල අහන එක.
වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් “දොර අල්ලන්” ඉන්න එක.
“ඔබ අද ලස්සනයි” කියන එක.
තමන් එක්ක එකට වැඩ කරන කෙනාව “අගය” කරන එක…
සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට “වටිනකම” දෙන එක,
සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල.. හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්…
ගෙදරක් ඇතුළෙ නම් බිරින්දෑ කරන පුංචි දෙයක් පවා අගය කරන්න…
ඉඳල හිටල හෝ ඇය ලස්සන බව කියන්න…
උන්දැ නැතුව තමන්ගෙ ජීවිතේ හිස් බව පිළිගන්න…
මහත්තය ගැනත් එහෙමයි…
ඔහු කරන කුඩා දෙය අගය කරන්න…
ඔහු ළඟ ඇති උණුසුම වටින බව කියන්න…
“වචනයෙන් කියන්න..”
කාර්යාලයෙදි සුලු සේවකයා පවා අගය කරන්න…
ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න…
හදල ගේන තේ එක රස බව කියන්න…
තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න…
පිටට තට්ටුවක් දාල කියන්න…
“වචනයෙන් කියන්න..”
තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්, ඒ බව පිළිගන්න…
ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න…
අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි… අගය කරන්න…
“වචනයෙන් කියන්න..”
මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද..?
ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න…
ඒක පුරුද්දක් වුනාම,
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව…
හිතේ සැහැල්ලුව හැදෙනව…
ජීවිතේ සතුට හැදෙනව…
අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක්… ”

Advertisement

ඉතින් මේක ඇතුළේ තියෙන්නේ ලොකු පණිවිඩයක්.. ඔබටත් මේ අත්දැකීම සමහරවිට හුරුපුරුදු දෙයද්ක් වෙන්න ඇති.. හිතන්න , අපි කවුරුත් කැමති මේ වගේ පුංචි සතුටකට, දිරිගැන්වීමකට..

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *