BREAKING NEWS
Search

විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්

236

අහංගම ගොයියපාන මුහුදු තිරයේ   දියේ ගිලෙමින් සිටි  යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01)  මුහුදට පනිනු ලැබු  පුද්ගලයකු දියවැලකට හසුවිමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බව අහංගම පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ  ගොයියපාන අහංගම  ප්‍ර දේශයේ පදිංචි ජයවීර පට බැඳිගේ ප්‍රභාත් බුද්ධික නැමති (43)   ත්‍රි රෝද රථ රියදුරෙකි.

දියේ ගිලිමෙන් සිටි විදේශිය කාන්තාව  දිවි බේරගෙන ඇත.

අතුරුදන් වු පුද්ගලයා සෙවිම සදහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව අහංගම පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *