සිංහල අවුරුදු නැකැත් 2021

8497

~ නව සඳ බැලීම ~

නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සහ අභිනව සූජ්‍ය වර්ෂය සදහා අප්‍රේල් මස 16 සිකුරාදා දින නව සඳ බැලීම මැනවි.

~ පරණ අවුරුද්ද සඳහා ස්නානය ~
අප්‍රේල් මස 12 වැනි සඳුදා දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී.

~ අලුත් අවුරුදු උදාව ~
අප්‍රේල් මස 14 වෙනි බදාදා දින පූර්ව භාග 02.33 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

~ පුණ්‍ය කාලය ~
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වන බදාදා පූභා. 08.57 දක්වා පුණ කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා දින අපර භාග 08.09 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 02.33 සිට එදිනම පුභා. 08.57 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටු කිරීම මැනවී.

~ ආහාර පිසීම ~
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 06.17 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවී.

~ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ~
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.41ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී.

~ හිසතෙල් ගෑම ~
අප්‍රේල් මස 17 වෙනි සෙනසුරාදා දින පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී.

~ රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම ~
අප්‍රේල් මස 19 වෙනි සඳුදා පූර්ව භාග 06.39 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවී.

~ පැළ සිටුවීම ~
අප්‍රේල් මස 16 වැනි සිකුරාදා පුර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *