Latest Articles
Search

මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය මිතුරා සමග පැනලා ගිහිං

195
මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය තම මිතුරා ඩැහැගෙන ගිය බැවින් ඇය ලබාදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසියේ පිහිට පැතූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

Advertisement
පොලිසිය පැවසූ අයුරින් සිද්ධිය මෙසේය.

Advertisement
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් අගලවත්ත ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු මුහුණු පොත හරහා හඳුනාගෙන ටික කාලයක් මිතුදම් පැවැත්වූවාය.

Advertisement

එහිදී මිතුරන් දෙදෙනකු වූ තරුණයන්ගෙන් එක් අයකු තරුණියගේ පෙම්වතා ලෙසත් අනෙක් තරුණයා සාමාන්‍ය මිතුරකු ලෙසත් ඇසුරු කරමින් සිටියදී තරුණියත් පෙම්වතාත් හොර රහසේ විවාහ වීමට තීරණය කළහ.

Advertisement
ඒ අනුව පෙම්වතා තම මිතුරා ද සමග රුපියල් 25,000 ක කුලී ගාස්තුවක් ගෙවා ත්‍රීරෝද රථයක් රැගෙන දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය කැටුව අගලවත්තට පැමිණියහ.

Advertisement

පෙම්වතා තම නිවැසියන්ට නොපවසා මනමාලිය කැන්දාගෙන ආ නිසා ඇය සමග එකවර නි‍වෙසට යාමට නොහැකි බැවින් ඇය මිතුරාගේ ගෙදර නවත්වා නිවැසියන්ට කරුණු පැහැදිලි කර තම යතුරුපැදිය ද රැගෙන ඒම සඳහා නිවෙසට ගියේය.

Advertisement
තරුණයා ගෙදර යන අතරතුර තරුණියගෙන් පෙම්වතාට දුරකතන ඇමතුමක් ලැබිණි.

Advertisement

එයින් කියැවු‍ණේ තමාට ඔහු සමග පැමිණිය නොහැකි බවත් තමා අනෙක් මිතුරා සමග විවාහ වීමට කැමති බවය.

Advertisement
මේ අවස්ථාවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ තරුණයා පොලිසිය වෙත පැමිණ තම පෙම්වතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ බැගෑපත් වෙමිනි.

Advertisement
ගැටලු නිරාකරණය කිරීම සඳහා තිදෙනාම පොලිසිය වෙත කැඳවීමෙන් පසුත් තරුණිය දිගින් දිගටම තම පෙම්වතා ප්‍රතික්ෂේප කළාය.

Advertisement

ඒ , මිතුරා සමග යාමට අවශ්‍ය බව ඇය ස්ථිර වශයෙන්ම වශයෙන් ම ප්‍රකාශ කළ නිසාය.

Advertisement
ඔයින් මෙයින් වූවේ පොලිසිය ඉදිරියේ එකඟතාවකට පත්ව නියම පෙම්වතාට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදු වීමය.
ප්‍රේමතිලක පෙරමුණ ‍

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *