Latest Articles
Search

දරුවන්ට තැලුවොත් වැඩ වරදී – දෙමාපියන්ටත් අදාලයි

152

දිගින් දිගටම වාර්තා වන මෙරට දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම හේතුවෙන් ඒ සම්බන්ධව නව නීති සක්‍රීය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

Advertisement

ඒ සඳහා වැඩ පිළිවෙළක් මේ වනවිටත් අරඹා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

Advertisement

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවත් මින් ඉදිරියේදී වැඩිහිටියෙකු, ගුරුවරයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු දරුවෙකුට ශාරිරික හිංසාවක් කරන්නේ නම් ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *