Latest Articles
Search

ජාතික ගීය විකෘති කළාට සී.අයි.ඩි යෙන් විමර්ශනයක්

128

ජාතික ගීය  විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ  කටයුතු කළ යුතු ආකාරය ගැන එම නිලධාරීන් විශේෂයෙන් අධ්‍යයනය කරනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම කාරණය පිළිබඳව
තමා අද (2) පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන බවද  සඳහන් කළේය.

Advertisement

මේ අතර ජාතික ගීය  විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්   රංජිත් අශෝක මහතාද පෙරේදා(31) විමර්ශනයක් ආරම්භ කළේය.

Advertisement

එම  විමර්ශනයේ වාර්තාව අගමැතිවරයාට නුදුරේදීම බාරදීමට නියමිතය.

Advertisement

ගායන ශිල්පිනී ශිල්පිනී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.

Advertisement

මේ අතර ජාතික ගීය  විකෘති කර ගායනා කිරීම හෝ වෙනස් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එසේ කරන්නන්ට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කළ හැකි බවත් බුද්ධ ශාසන ආගමික  හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Advertisement

සුජිත් හේවාජුලිගේ

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *