Latest Articles
Search

වස දීලා මාව ඝාතනය කරන්න හැදුවා – රොෂාන් රණසිංහගෙන් ආන්දෝලනාත්මක කතාවක්

136

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Advertisement

ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලියට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

Advertisement

ඔහු පැවසුවේ තමන් ජපානය බලා පිටත්ව යන ගමනේදි ජපාන ගුවන් තොටුපලෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පැවති බවයි.

Advertisement

එහිදි තමන් ජපානයේදී මේ සම්බන්ධව පරීක්ෂණයක් කල බවත් එහිදි පැහැදිලිවම නිරීක්ෂණය වී ඇත්තේ තමන්ට ලබා දුන් ආහාරවල යම් රසායන ද්‍රව්‍යක් තිබී ඇති බවත් එම ආහාර විස වීමෙන් තමන්ගේ බහිස්‍රාවි පද්ධතිය අක්‍රීය වී ඇති බවට හෙළි වූ බවයි.

Advertisement

කවුරුන් හෝ තමන්ගේ ආහාර වේල සඳහා වස ලබාදී තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙන බවට රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Advertisement

තමන්ම මාස එකහමාරකට ආසන්න කාලයක් මේ හේතුවෙන් නිහඬව සිටි බවත් තවත් දින 25ක් විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *