Latest Articles
Search

ලස්සන වෙන්න කැමති කාන්තාවන්ට සම පැහැපත් කරන ස්ක්‍රබ් වර්ග

11815

ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර සිදුකළද නිසි අයුරින් සම මත ඇති මැරුණු සම ඉවත් නොකරන්නේ නම් සම මත කුරුලෑ, බ්ලැක්හෙඩ්ස් ඇති වී සම අවපැහැගැන්වීම වළක්වාලීමට අපහසු වනවා. ස්ක්‍රබ් කිරීම මඟින් සම මත ඇති මැරුණු සම ඉවත් වී සම මෘදු වීමක්ද සිදුවෙනවා. එසේම එමඟින් සමේ තැන්පත්ව ඇති මැරුණු සම, කුණු, දුහුවිලි, අනවශ්‍ය තෙල්ද ඉවත්ව සම පැහැපත් වනවා. නිවෙසේදීම සාදාගත හැකි ස්වාභාවික ස්ක්‍රබ් වර්ග කිහිපයක් පිළිබඳව දැන් අප බලමු.

Advertisement

සතියට දෙවරක් නිවෙසේදීම සාදාගත් ස්ක්‍රබ් එකක් භාවිත කරමින් මුහුණ ස්ක්‍රබ් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. නමුත් දිනපතා මුහුණ ස්ක්‍රබ් කිරීමද සුදුසු වන්නේ නැහැ. එවිට සම වියළීම, සමට හානි වීමට ඉඩ තිබෙනවා. සම ස්ක්‍රබ් කිරීමේදී දෑත් තද නොකර ඉතා මෘදු ලෙස විනාඩි 3ක් පමණ ස්ක්‍රබ් කිරීම කළ යුතුයි.

Advertisement

යෝගට් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

රසකාරක නොයෙදූ යෝගට් ස්වල්පයක්

Advertisement

කෝපි කුඩු ස්වල්පයක්

Advertisement

අයිස් වතුර

Advertisement

කෝපි සහ යෝගට් මිශ්‍ර කරගන්න. මුහුණ තරමක් තෙමා මෙම මිශ්‍රණය ආලේප කරන්න. විනාඩි තුනක් පමණ මෘදුව මුහුණ ස්ක්‍රබ් කරන්න. නැවත විනාඩි 15ක් පමණ වියළෙන්නට හැර අයිස් ජලයෙන් මුහුණ සෝදා හරින්න.

Advertisement

ආමන්ඩ් කුඩු ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

ආමන්ඩ් කුඩු ස්වල්පයක්

Advertisement

පොල්කිරි හෝ මුදවපු කිරි ස්වල්පයක්

Advertisement

ආමන්ඩ් කුඩු, පොල් කිරි හෝ මුදවපු කිරි සමඟ මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 15ක් පමණ තබා සෝදාහරින්න.

Advertisement

ඔලිව් තෙල් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

ඔලිව් තෙල් ස්වල්පයක්

Advertisement

මී පැණි ස්වල්පයක්

Advertisement

සියුම් සීනි ස්වල්පයක්

Advertisement

ඔලිව් තෙල්, මී පැණි, සීනි එකට මිශ්‍ර කර මුහුණ විනාඩි තුනක් පමණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න.

Advertisement

තක්කාලි ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

තක්කාලි යුෂ ස්වල්පයක්

Advertisement

සියුම් සීනි ස්වල්පයක්

Advertisement

තක්කාලි යුෂ සියුම් සීනි සමඟ මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ වියළෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

Advertisement

සුදු හඳුන් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

සුදු හඳුන් කුඩු ස්වල්පයක්

Advertisement

කස්තුරි කහ ස්වල්පයක්

Advertisement

සුදු හඳුන් සහ කස්තුරි කහ ජලය ස්වල්පයක් මිශ්‍ර කර මිශ්‍රණයක් ලෙස සාදාගන්න. මෙම මිශ්‍රණය මුහුණ මත ආලේප කර විනාඩි තුනක් පමණ මුහුණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

Advertisement

කෝමාරිකා ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කෝමාරිකා යුෂ

Advertisement

සියුම් සීනි ස්වල්පයක්

Advertisement

කෝමාරිකා යුෂ සහ සියුම් සීනි එකට මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න.

Advertisement

කුරුඳු ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කුරුඳු කුඩු ස්වල්පයක්

Advertisement

මී පැණි ස්වල්පයක් හෝ ඔලිව් තෙල් ස්වල්පයක්

Advertisement

කුරුඳු කුඩු මී පැණි හෝ ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර මෘදුව විනාඩි තුනක් පමණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් තබා සෝදා ඉවත් කරන්න.

Advertisement

බත්වලින් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

පිසගත් බත් ස්වල්පයක්

Advertisement

මී පැණි ස්වල්පයක්

Advertisement

සියුම් සීනි ස්වල්පයක්

Advertisement

බත් හොඳින් පොඩි කරගන්න. එයට මී පැණි, සියුම් සීනි මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න. මිශ්‍රණය මුහුණ මත විනාඩි 15ක් පමණ තබා සෝදාහරින්න.

Advertisement

ඕට්ස් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

ඕට්ස් කුඩු

Advertisement

මී පැණි

Advertisement

ඕට්ස් කුඩු, මී පැණි හොඳින් මිශ්‍ර කර මුහුණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

Advertisement

ලෙමන් ස්ක්‍රබ්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

ලෙමන් යුෂ ස්වල්පයක්

Advertisement

මී පැණි ස්වල්පයක්

Advertisement

සියුම් සීනි හෝ කෝපි කුඩු ස්වල්පයක්

Advertisement

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණ විනාඩි 3ක් පමණ ස්ක්‍රබ් කරන්න. විනාඩි 5ක් පමණ තබා සෝදාහරින්න.

Advertisement

* අන්තර්ජාලය ඇසුරිනි

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *