Latest Articles
Search

අනුරපුරේ අද්භූත ‘සක්වල චක්‍රය’ වෙනත් ලොවකට යන රහස් දොරටුවක්ද?

358

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් සහ වෙනත් ග්‍රහලෝකවල සංසිද්ධීන් සමග මෙන්ම ඒ ග්‍රහ ලෝක වාසීන් සමග ද ඈත අතීතයේ දී සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වෙමින් පැවතීම ලෝකයම විස්මයට පත්කරන්නක් වී තිබේ.

Advertisement

ස්වදේශිකයන් විසින් “රජ රට” (රජුන්ගේ රට) වශයෙන් අභිමානයෙන් හඳුන්වනු ලබන මේ රාජධානිය ක්‍රිස්තුපූර්ව තුන්සිය හැත්තෑ හත් වැනි වර්ෂයේ දී ස්ථාපනය කරන ලද්දකි.

Advertisement

එමෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ හදවත වශයෙන් සැලකෙන මේ පාරදීසය යුනෙස්කෝ සංවිධානය “ලෝක උරුමයක්”වශයෙන්ද නම් කරනු ලැබ ඇති බව සාඩම්බරව සඳහන් කරනු වටී.

Advertisement

මෙන්න මේ කියන හේතූන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රදක්‍ෂිණාවට පත් ප්‍රදේශයේ ස්ථාපිත නුබකුස පිරිමදින දාගැබ් සිඳු (මහමුහුදු) පරදන වාපී (වැව්) කර්මාන්ත අතීත හෙළයන්ගේ දස්කම් විස්කම් සිත්කම් ලෝකයාගේ හිසට ටොකු අනිමින් පෙන්නා දෙන්නා සේය.

Advertisement

එමතුදු නොව තවමත් හරිහැටි නිගමනයකට පත්විය නොහැකි ගුප්ත කරුණු කාරණා ඉස්මතු වන ස්ථාන බොහාමයක්ම මේ රාජධානියේ ගොළුවත මුනිවත රකිමින් විරාජමානවම තවමත් පවත්නේමය.

Advertisement

අක්කර හතළිහක පමණ වපසරිය වූ ප්‍රදේශයක ස්ථාපිත “රන්මසු උයන” (රන් මත්ස්‍ය උදා්‍යනය) එවන් අබිරහස් සැඟවුණු ස්ථානයකි.

Advertisement

ඉතා උස් බෞද්ධ චෛත්‍ය තුනකින් වටවී ඇති ස්ථානයේ විශ්වය (වෙනත් ග්‍රහ වස්තූන් සහ ඒවායේ ජීවීන්) සමග සම්බන්ධතා පැවැත්වීමේ මාධ්‍යයක් කොටගත් බව කියන වස්තුවක් ලෙස උපකල්පනය කළහැකි සටහනක් ශෛල මස්තකයක කොටා (නෙළා) තිබේ.

Advertisement

විශ්කම්භය මීටර් එකයි දශම අටක් (1.8) පමණ ඇති සටහන “සක්වළ චක්‍රය” වශයෙන් හැඳින්වෙන්නකි. එහි මුහුණත භූමි මට්ටමේය. එහිම තවත් ගල් තලයක ආසන හතරක සටහනකි. ඒ ආසන අවට විදා්‍යාමානවීම සඳහා බව අරමුණ කෙරේ. මේ සක්වළ චක්‍රය සහ ආසන හතරේ සටහන් මේ දක්වාම ඉතිහාසඥයන් සහ පුරවිදා්‍යාඥයන්ගේ මනැස් අවුල් කළ ගුප්ත දේවල්ය.

Advertisement

කැලණිය විශ්වවිදා්‍යාලයේ පුරවිදා්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතය අනුව රන්මසු උයන දීර්ඝ ඉතිහාසයක් ඇත්තකි.

Advertisement

එය පසු කලෙක සංවර්ධනය කර තිබේ. ඒ හත්වැනි සියවසේදීය. ඒ අවස්ථාවේ ස්ථානයට අලුතින් ගොඩනැගිලි කීපයක් එකතු කර ඇතැයි මහාචාර්යවරයා කියයි.

Advertisement

කාට කාටත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වූ “සක්වළ චක්‍රය සහ ආසන සටහන” උයනට එක්වී ඇත්තේ එසේ සංවර්ධනය කෙරුණු දෙවැනි ප්‍රතිසංස්කරණ සමයේදීය.

Advertisement

එතෙකුදු වුවත් එය ව්‍යාපෘතියට ඈඳීම, එහි පැවැත්ම, ක්‍රියාකාරීත්වය ආදිය ගැන කිසිදු සටහනක් කිසිදු වාර්තාවක නොවීමේ හේතුවෙන් උපකල්පනය මිස පැහැදිලි යමක් කිව හැකි නොවේ.

Advertisement

මන්ද යත්, ඒ සියල්ල ඉතා සුපරීක්‍ෂාකාරී සහ ආරක්‍ෂිත අන්දමින් මහා සංඝරත්නය භාරයේ පැවති බැවිනි.
අනුරාධපුර යුගයේ (ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සහ දහවැනි සියවස අතර) වෙනත් චිත්‍ර රූප ආදිය සමග “සක්වළ චක්‍රය සහ ආසන සටහන” සසඳා බලන කල්හි එකකට එකක් නොගැළපෙන බැව් පැහදිලිවේ. එමගින් යමක් සිතාගැනීමට මඟ පෑදේ.

Advertisement

චක්‍ර සටහන ඒක කේන්ද්‍රීය කොටගත් ලක්‍ෂයකින් චක්‍ර සතකින් නිර්මිත අතර, සරල සමාන්තර සිරස් සහ තිරස් රේඛාවලින් බෙදා වෙන්කර ඇත.

Advertisement

ඒ අතර කුඩ නැතහොත් දුනු සහ ඊතල සහ වක්‍ර රේඛා ද පැහැදිලිව දක්නට ඇත. බාහිර රවුමේ මත්ස්‍යයන් ඉදිබුවන් සහ මුහුදු අශවයින් නෙලා තිබේ.

Advertisement

සඳකඩපහණ වැනි සමකාලීන වෙනත් කැටයම් සමග “සක්වළ චක්‍රය” සසඳා බලන කල ඒවායේ ලියවැල්, හංසයන් සහ නෙලුම් මල් වැනි බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායට ආවේණික ලක්‍ෂණ ඇතත් මේ සටහනෙහි එවැනි ස්වරූපයක් විද්‍යමාන නොවේ. එහි ඇත්තේ අමුත්තකි. ඒ අමුත්ත මේ කුමක්ද? යන ප්‍රශ්නය නිබඳවම මතු කරන්නක් වී තිබේ.

Advertisement

අන්තර්ජාල යුගය එළැඹීමට පෙර “සක්වළ චක්‍රය” කෙරෙහි එතරම් අවධානයක් නොවී ප්‍රදර්ශන භාණ්ඩයක් සේ පැවැතිණි. අනුරාධපුර රාජධානිය වැටීමෙන් පසුව රන්මසු උයන පිහිටි ඉසුරුමුණි ප්‍රදේශය (අතීතයේ වෙස්ස ගිරිය) වනගත විය.

Advertisement

“සක්වළ චක්‍රය” කෙරෙහි පළමුවෙන්ම මතයක් ප්‍රකාශ කළෝ එවකට ඉංගිරිසි පාලන සමයේ පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී.බෙල් මහතාණෝය.

Advertisement

ඔහු එක්දහස් නවසිය එකොළහේ සිය වාර්තාවේ ඉදිරිපත් කළේ “සක්වළ චක්‍රය” පැරණි ලෝක සිතියමක් වශයෙනි. වැඩි දුරටත් ඔහු ඒ පිළිබඳ ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට අනුව නිර්මිත විශ්වයේ සිතුවම බවය.

Advertisement

එච්.සී.පී. බෙල් මහතා දැරූ මතයට අනුව අර්ථ කථනය කළ කැටයමේ සංකේතවලින් දැක්වෙන මසුන් මුහුදු අශ්වයින් සහ වෙනත් සංකේත මහ පොළාව, මුහුද සහ අභ්‍යවකාශය නියෝජනය කරයි.

Advertisement

එතකුදු වුවත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ මත පළකෙරෙමින් සාකච්ඡාවලට පාත්‍රවිය. කෙසේ වෙතත් මෙහි ඓතිහාසික වැදගත්කමක් ඇති ගුප්ත කැටයමක් බව පොදු මතයවිය.

Advertisement

තාක්‍ෂණය දියුණු වූ මෑත යුගයේ සමාජ මාධ්‍ය මගින් මේ පිළබඳ ඡායාරූප පවා ජාත්‍යන්තරයේ සංසරණයට භාජනය කිරීමෙන් වූ ගෝලීය අවදානයද සුළුපටු නොවීය. එමගින් සෙවුම් බැලුම් විමසුම් ද වැඩි විය.

Advertisement

අනුරාධපුරයේ “සක්වළ චක්‍රය” හා සමාන වෙනත් රටවල පවත්නා ඒ හා සමාන ස්ථානද සංසන්දනය කර බැලිණි. එමගින් ව්‍යාප්ත වූ මතය “කැටයම” වෙනත් ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ fදාරටුවක් බවය. එමෙන්ම මෙමගින් මානවයාට විශ්වයට ප්‍රවේශ වියහැකි බවය. එම fදාරටුව විවර කෙරෙන “කේතය” මේ කැටයම බවයි.

Advertisement

ඊජිප්තුවේ පිහිටි “අබු ගුරාබ්වල” සහ පේරු රටේ “හායු මාර්කාවල” පවත්නා සංකේත අනුරාධපුරයේ “සක්වළ චක්‍රයට” බොහෝ සමාන බව දක්නා ලදී. ඒ සමානකම්ද කතාබහට ලක්විය. අපේ කැටයම පිහිටා ඇත්තේ ද ජලාශ්‍රිතවය. ඒ තිසාවැව සමීපයේය. ඉදිකර තිබන්නේ ද ක්‍රි.පූ. 300 දීය.

Advertisement

ග්‍රහලා්ක ප්‍රවේශගාමී fදාරටු සිද්ධාන්තයට අනුව ඊජිප්තුවේ අබු ගුරාබ් ද, පේරු රටේ හායු මාර්කා ඉදිකරනු ලැබ ඇත්තේ ද ජලාශ්‍රිතවය.

Advertisement

මන්ද? වෙනත් ග්‍රහලෝකවල ජීවීන්ට පෘථිවි ජලයෙන් රන් සකසා ගතහැකි බව කියන ස්ටාර්ගේට් සිද්ධාන්තය හේතුවෙනි.

Advertisement

පොළොන්නරුවේ “දානිගල කන්ද” (ඇතැම් තැනෙක දානියංගල) ද විශ්ව ශක්තීන් පවත්නා අද්භූත ස්ථානයක් බව පැවසේ. වෙනත් ලෝකවල ජීවීන් සමග ප්‍රවේශ මාර්ගයක් බව ද කියැවේ. එම ස්ථානය අනුරාධපුරයේ “සක්වළ චක්‍ර” කතාව තවත් එළිය කිරීමට ඉන්ධන සැපයුවාක් සේය.

Advertisement

දානිගල කන්ද ඇත්තේ පොළාන්නරුවේ මහ ඝන වනාන්තරයේය. කන්දේ මුදුන සමතල මහා ගලකි. එය චක්‍රාකාරය. කඳු නගින්නන්ගේ තිප්පොළකි. මේ ස්ථානය (කඳු මුදන) ඈත අතීතයේ දී පියාඹන පීරිසි වැනි හඳුනා නොගත් පියාඹන වස්තූන් පහත් කළ ස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය.

Advertisement

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය සංචාරක මඟ පෙන්වන්නකු වන ශ්‍රී අබේවික්‍රම මෙසේ කීය.

Advertisement

දානිගල කන්ද වැඩි දෙනා හඳුන්වන්නෙ ඒලියන් මවුන්ටන් කියල. මේ කන්දට වෙන තැන්වලට වැඩිය අකුණු පහත් වෙනව. විදුලිය කොටනවා. වැහි වෙලාවට වෙන තැන්වලට වැඩිය ගොරවනවා. මේක ප්‍රදේශයේ කොයි කවුරුත් දන්න කාරණයක්.

Advertisement

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතයද “සක්වළ චක්‍රය” ලංකාවේ ප්‍රථම පුරාවිදා්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල්ගේ මතය සේම ග්‍රහලෝක ප්‍රවේශගාමී fදාරටුවක් වශයෙන් සලකනවාට වඩා ඈත අතීත ලෝක සිතියමක් වශයෙන් බොහෝ දුරට පිළිගත හැකි බවයි.

Advertisement

කාල වකවානුව ස්ථානය ආදිය ද සැලකිල්ලට ගෙන බලන විට එම සටහන ආගමික ඉගැන්වීම් අනුව දකින විශ්වයට බොහෝ සමාන බවයි.

Advertisement

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙසේ ද කියයි.

Advertisement

ක්‍රි.පූ. දෙසිය පනහටත් පෙර සිටම ශ්‍රී ලාංකිකයන්ට ග්‍රහ වස්තූන් ගැන පමණක් නොව විශ්වය පිළිබඳවද හොඳ අවබෝධයක් තිබුණු බවට සාධක තියෙනවා. අපේ බොහෝ දෙනා අතර තාරකා හා ග්‍රහලෝක සමග බැඳුණු නම් ගොත් තියෙනවා. ආගමික සහ ඓතිහාසික සංකල්ප හා බැඳුණු “කිරින්ද” සෙල් ලිපියේ “අපරිමිත ලෝක ධාතුය” යන සටහන පැහැදිලිවම දකින්නට තියෙනවා. එයින් ගම්‍ය වෙන්නෙ ඒ සටහන නෙලූ තැනැත්තාට විශ්වය සහ ඔහු ජීවත් වූ පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා කියන එකයි.

Advertisement

“සක්වළ චක්‍රය” යන ගුප්ත කැටයම කුමක්ද? එහි අරමුණ කුමක්ද? කවර ක්‍රියාකාරී කටයුත්තක් සඳහා නිර්මාණය කළේද? යන කරුණු හඳුනාගැනීම සඳහා ඇති ප්‍රධාන අභියෝගය මේ සටහන නිර්මාණය කළේ කවර කාලයකද? ඒ කුමක් සඳහාද? යන්න ගැන නිවැරැදි විස්තරයක් සොයාගැනීමට ඇති නොහැකියාවයි.

Advertisement

අනුරාධපුරයේ ක්‍රි.පූ. දෙසිය පනස් වැන්නේ දී පමණ ඉදිකෙරුණු ස්තූප (දාගැබ්) ඉසුරුමුණිය, රන්මසු උයන ආදිය ගැන ශිලා ලිපිවල සහ වංශකතාවල සඳහන් වෙනවා. එහෙත් මේ සක්වළ චක්‍රය ගැන නම් කිසිම තැනක කිසිම සඳහනක් ඇති බවක් මෙතෙක් හමුවෙලා නෑ. මේක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික කටයුත්තක් වෙනුවෙන් යොදාගත් එකක් වශයෙන් අනුමාන කරන්න පුළුවන්. ඒ කවර ක්‍රියාවක්ද යන්න අපට සොයාගන්න බැරි හේතුව තමයි කිසිම විස්තරයක් නැති එක.
මොරටුව විශ්වවිදා්‍යාලයේ භූමි සැකසුම් (උදා්‍යාන විදා්‍යාව) පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෂෙරීන් අල්මේන්ද්‍රා මෙසේ කීවාය.

Advertisement

මා හිතන්නෙ “සක්වළ චක්‍රය” කියන්නෙ ඒ සමයේ ඉදිකළ විශාල ස්තූප වැනි විශාල ව්‍යාපෘතියක සැලැස්මක් ඇතැම් විට එය සීගිරිය වැන්නක් විය හැකියි.

Advertisement

පස් වැනි සියවසේ ඉදිකෙරුණු සීගිරිය අපේ රටේ අතීත හෙළයාගේ කායික මානසික නිර්මාණ ශක්ති සමග සංස්කෘතිය ආදී මෙකී නොකී උත්තරීතර තත්ත්වයේ අනන්‍යතාව ලෝකයට හඬගා කියන සංකේතයකි.

Advertisement

ලෝකය මවිත කරවන වාරි පද්ධති, උදා්‍යාන සැලසුම්, ලැගුම් කුටි අද්විතීයයි.

Advertisement

මේ “ආලකමන්දාවට” අනුරාධපුරයේ සිට අඩ හෝරාවකින් යා හැකියි. අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර යන ත්‍රිත්ව නගර ත්‍රිකෝණගතයකි. රන්මසු උයනේ ඇති සටහනේ දැක්වෙන ආසන සමාන්තරව එකිනෙකාට මුහුණලා අසුන් ගත් තිදෙනකුගේ සාකච්ඡාවක් වාගෙ. හරියට ගෘහ නිර්මාණ ශිල්පීන් තිදෙනකු එක්ව ඉදිරි සැලසුමක් ගැන සාකච්ඡා කරනව වාගෙ.

Advertisement

ඒ ආසන භාවනා කිරීමක් වැනි ආගමික සංකල්පයක් අරමුණු කළ එකක් නම් ඒවා තිබිය යුත්තේ එක පෙළට මිස ඔය අන්දමින් නොවෙයි යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෂෙරීන් අල්මේන්ද්‍රා වැඩිදුරටත් විස්තර කළාය.

Advertisement

උභතෝකෝටික ප්‍රශ්න මාලාවක් චිරාත් කාලයක් තිස්සේ අප ඉදිරියේ තැබූ ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ fදාරටුවක් වශයෙන් ද හැඳින්වෙන “සක්වළ චක්‍රය” තවත් දීර්ඝ කාලයක් පුරා අබිරහසක් විය හැකිද?

Advertisement

වසර සිය දහස් ගණනාවක් තිස්සේ වනගතව තිබූ “සක්වළ චක්‍රය” සමාජ මාධ්‍ය මගින් විශාල කතිකාවක් ජාත්‍යන්තරය පුරා ගොඩනැගීමෙන් ඇරඹි නොතිත් උනන්දුව අවසාන තීන්දුවක ආරම්භය විය හැකිය.

Advertisement

01.

Advertisement

02.

Advertisement

03.

Advertisement

04.

Advertisement

චන්ද්‍රසේන මාරසිංහ
මව්රට

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *