Latest Articles
Search

ප්‍රංශයට ගිය වෙලාවක මම රැවුල වැව්වා , එයා මට කීවා ඔයා රැවුල වැවුවම හරි ලස්සනයි කියලා – හෙක්ටර් ඩයස්

850

දිවිතුරා හෙක්ටර්ගේ පළමු රංගන අත්දැකීම. දිවිතුරාවට ආරාධනා කළාට පසුව හෙක්ටර්ගේ කැමැත්ත තිබුණේ කොයි විදිහටද?

Advertisement

ඔව්… දිවිතුරා මගේ පළමු රංගන අත්දැකීම. ඒක මට හුරු නැති අත්දැකීමක් නිසා ඒක මට විශේෂ වුණා. ඒ නාට්‍යයට ආරාධනා කළාට පසුව එකපාරටම මම මේකට කැමැති වුණේ නැහැ. මට මේක කරන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියලා මම හිතුවා. ටික දවසක් එහෙම හිතලා තමයි මම දිවිතුරා ආරාධනාව බාරගත්තේ. මේ වැනි දේකට මාව විශ්වාස කරල මට ආරාධනා කිරීම ගැන ඒ හැමෝටම මා ස්තූති කරන්නට ඕනේ. ඒ වගේම මේ වගේ දේකට මට ආරාධනා කිරීම ගැනත් මම සතුටු වෙනවා. මේක මීට කලින් මම කරපු නිර්මාණ කටයුතු වගේ නෙමේ. රංගනය පිළිබඳව කිසිම හැදෑරීමක් නොකොට තමයි මම මේ චරිතය බාරගත්තේ. නමුත් මේ සුළු කාලය තුළදී ලබපු මේ අත්දැකීම මගේ ජීවිතේට හරි අපූරුයි.

Advertisement

මේ වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරාගේ නාට්‍ය වැඩමුළුවකුත් හෙක්ටර් ඇතුළු පිරිස වෙනුවෙන් පැවැත්වුණා නේද?

Advertisement

ඔව්. මේ වෙලාවේදී මම මහේන්ද්‍ර අයියාව ආදරෙන් මතක් කරන්නම ඕනේ. නිර්මාණකරුවකු විදිහට ඔහු ලොකු අත්දැකීම් ඇති ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහු අපේ රටේ ඉන්න ප්‍රබල චරිතයක්. ඒ වගේ කෙනෙක්ගෙන් නාට්‍ය වැඩමුළුවක් මේ වගේ අවස්ථාවක ලැබීමත් ලොකු දෙයක් වෙනවා. රංගන ශිල්පියෙක් විදිහට මහේන්ද්‍ර අයියා බොහෝ කාර්යබහුල කෙනෙක්. නමුත් මහේන්ද්‍ර අයියාගේ කාර්යබහුලත්වයත් එක්ක අපි වෙනුවෙන් කාලය වෙන් කරලා නාට්‍ය වැඩමුළුවක් පැවැත්වූවා. ඒ දැනුම අපිට දවසින් දෙකකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මහේන්ද්‍ර අයියාගේ ඒ නාට්‍ය වැඩමුළුවෙන් අපිට බොහෝ දේ කියලා දුන්නා. ඒකෙන් මට හිතෙන විදිහට අපි උපරිමයෙන් ප්‍රයෝජනය ගත්තා.

Advertisement

මේ කාලය ඇතුළත ලබපු අත්දැකීම් කොහොමද?

Advertisement

රංගනය කියන්නේ සිංදු කියනව වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ගායන ශිල්පියෙක් රංගන ශිල්පියෙක් ලෙස වැඩකරනව කියන්නේ වෙනස් විදිහේ දෙයක්. මෙතනදි රංගනයේදීත් ගායන ශිල්පියෙක් තමයි මේ රංගනය ඇතුළේ ඉන්නේ. මගේ සැබෑ ජීවිතයේදී මම ගායකයෙක්. වාදකයෙක්. මේ නාට්‍යයෙත් මම රඟපාන්නේ ගායකයෙක් විදිහටයි. ඒ නිසා සැබෑ ජීවිතයේදී මා තුළ ඉන්න ගායකයාත් මේ රංගනය තුළදී මට ලොකු සහයෝගයක් වුණා.

Advertisement

වෘත්තිය වගේම අගස්ති සහ හෙක්ටර්ගේ ජීවිතයෙත් සමානකම් තියෙනවද?

Advertisement

අගස්ති කියන්නේ පොඩ්ඩක් නාහෙට අහන්නේ නැති චරිතයක්. හැම දේකටම පොඩ්ඩක් තරහ යන කෙනෙක්. නමුත් හෙක්ටර් ඩයස් කියන්නේ අගස්ති කියන චරිතය නෙමේ. හෙක්ටර් ඩයස් කියන්නේ සරලව නිහතමානීව ඉන්න හරිම කූල් චරිතයක්. අගස්ති විදිහට රඟපාද්දී මට කරන්න අමාරුම කොටස් වන්නේත් මේ කේන්ති යන, අනුන්ට බනින්න තියෙන කොටස තමයි. එතනදි මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාමර ජයවීරගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඒ වගේම මේකට මට ආරාධනා කළේ විරාජ් වැලිවත්තයි. ඒ හැමෝගෙන්ම හෙක්ටර්ව අගස්ති කරවන්න ලොකු සපෝට් එකක් දෙනවා.

Advertisement

ගායකයෙක්, වාදකයෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?

Advertisement

අපි හැම කෙනෙක්ටම හීන තියෙනවා. මට ඕනවුණේ හොඳ සංගීතඥයෙක් වීමයි. ගෙදර වටපිටාවෙන් දැකපු අත්දැකීම් ඒකට මුල්ම හේතුව වුණා. අපි පුංචි කාලේ අපේ තාත්තා ගෙදර සංගීත කණ්ඩායමක් කරලා තිබුණා. ඒ දැකපු, අහපු අත්දැකීම් එක්ක මේක මුලින්ම ඇඟට දැනිච්චි දෙයක් විදිහටයි මම හිතන්නේ.

Advertisement

හෙක්ටර් ඉගෙනගත්තේ?

Advertisement

මම පාසල් තුනක ඉගෙන ගත්තා. පල්ලසේන ප්‍රාථමික විදුහල, කොච්චිකඩේ මධ්‍ය මහා විද්‍යාලේත්, මීගමුව ජෝසප් වාස් විදුහලේත් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ජාතික තරුණ වාදක කණ්ඩායමේ අවුරුදු පහක් වාදනය කළා. මේරියන්ස් සංගීත කණ්ඩායමේ අවුරුදු දාහතරක් හිටියා. ඊටපසුව මම D Major නමින් සංගීත කණ්ඩායමක් අවුරුදු නමයක් තිස්සේ පවත්වාගෙන යනවා. ගායකයාට වඩා මම වාදකයාට හරි කැමැතියි. නිතරම මගේ සැක්ස්සෆෝනය මාත් එක්ක ඉන්නවා. මගේ බොහෝ රසිකයෝ මාව හඳුනාගත්තේ වාදන ශිල්පියෙක් විදිහටයි. ගායන හාකියාවක් තිබුණ නිසා මම දෙකම වැඩිදියුණු කරගත්තා. තාමත් මම ගායනය සහ වාදනය පිළිබඳව අත්හදා බැලීම් එක්ක ඉගෙන ගන්නවා. තාමත් මට කලාකරුවෙක් කියන ලේබලය තියන්න බැහැ. තාමත් මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. රංගන ශිල්පියෙක් විදිහටත් උපරිම සාධාරණයක් ලබලා දෙන්න මම මහන්සි වෙනවා. පාසලේදීත් මම ගායකයෙක්. පාසැල් යන කාලේදී පාසැල ඇතුළේදී යාළුවන් කිහිප දෙනෙක් එකතු කරගෙන සංගීත කණ්ඩායමක් කරගෙන ගියා. ඒ කාලේ ඉඳන්ම ජීවත් වුණේ සංගීතයත් එක්කමයි. අපි හැමෝටම ජීවිතේ ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක තමයි මාව මේ අද ඉන්න තැනට අරගෙන ආවේ.

Advertisement

හෙක්ටර් ඩයස් විලාසිතාවලට හරි කැමැති කෙනෙක්. මෑතකාලයේදී හෙක්ටර්ගේ රැවුලත් හරි අපූරු විලාසිතාවක් වුණා. ඒ විලාසිතාවට වැඩියෙන්ම කැමැති හෙක්ටර්ගේ බිරිඳ කියලයි ආරංචි….?

Advertisement

ඔව්. ඒක ඇත්ත. මීට පෙර මම එහෙම රැවුල වවලා තිබුණේ නැහැ. රැවුල වවන්නේ නැතිවුණාම ටිකක් තරුණ පෙනුමක් ගන්නත් පුළුවන්නේ. ඒ නිසා රැවුල කපලා මම ටිකක් තරුණ වුණා. සමහරුන්ගේ වයසට කලින් රැවුල සුදුවෙනවා. සමහරු වයසටත් කලින් දැන් රැවුල සුදුකර ගන්නවා. ඉතින් 2019 විතර අපි ප්‍රංශයට ගිය වෙලාවක මම රැවුල වැව්වා. ඒ වෙලාවේදී මගේ බිරිඳ ඔහොම ඔයා ලස්සනයි කියලා කිව්වා. ඊටපස්සේ මේ වතාවේ කොවිඩ් කාලයේදී ආයෙත් වැව්වා. නිල්වන් මුහුදු තීරේ Cover Song එක කරද්දී මේ රැවුලත් එක්ක Music Video එකක් කරලා මිනිස්සු මොනවා කියාවිද කියලා මුලින් මම හිතුවා. හැබැයි ඒ ගීතයේ Cover Song එක මෙච්චර මිනිසුන් අතරට ගිහින් මේ තරම් ජනප්‍රිය වේවිය කියලා මම නම් හිතුවෙම නැහැ.

Advertisement

නමුත් හෙක්ටර් ඒ Cover Song එකට අවසරයක් අරගෙනයි තිබුණේ…?

Advertisement

ඔව්… මම ඒකට අවසරය ගත්තා. එතකොට කාගෙන්වත් හිත් රිදෙන්නේ නැහැනේ. මම ඩෙස්මන්ඩ් සිල්වා මහතාගෙන් ඒකට අවසරය ලබාගත්තා. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ ගීතය කොයිතරම් දුරකට මාව අරගෙන ගියාද කියල මටවත් හිතාගන්න බැහැ. මේ නළුකමට හේතුව වුණේ ඒ ගීතයම තමයි. මේ පෙනුම ඒ සිංදුවේ තිබුණේ නැත්නම් සමහරවිට මේ කෙටි කාලය තුළදී මාව රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයින්ට මාව දැකගන්න ලැබෙන්නේ නැහැ. මේ පෙනුම තමයි මාව වෙනස් කළේ. ඉතින් ස්වභාවික පෙනුම තියාගෙන ජීවත් වෙනවා.

Advertisement

මේ වෙනකොට හෙක්ටර් ටැටූ කීයක් ශරීරයේ ගහලා තියෙනවාද?

Advertisement

කොහොමටත් මම විලාසිතාවලට වගේම ටැටූවලට හරිම ආස කෙනෙක්. මම වගේම මගේ බිරිඳත් ටැටූවලට ආසයි. මේ වෙද්දි මම ටැටූ පහක් ගහලා තියෙනවා. බෙල්ලේ මගේ බිරිඳගේ නම පාඨලී කියල කොටලා තියෙනවා. අතේ මගේ දරුවන් තුන්දෙනාගේ නම් තුනයි, එයාලගේ උපන්දිනයයි කොටලා තියෙනවා. ඊට අමතරව තව ආසකරන ටැටූ තුනක් කොටලා තියෙනවා.

Advertisement

බිරිඳ වගේම දරුවන් තුන්දෙනත් පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ නේද?

Advertisement

ඔව්… මේ දවස්වල පාඨලී නම් ලංකාවට ඇවිත් මාත් එක්කම ඉන්නවා. දරුවෝ තුන්දෙනා ඉන්නේ ප්‍රංශයේ. අපිට පුතාලා දෙන්නයි දුවයි ඉන්නවා. මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක ඒ තුන්දෙනා එහේ ඉස්කෝලේ යනවා. ඒ අතර Lockdown වෙනවා. Online විදිහට ඉගෙන ගන්නවා. පාඨලී නිතරම මගේ වැඩවලට ලංකාවට එනවා.

Advertisement

පාඨලීව මුණගැහුණේ කෙහොමද?

Advertisement

මම 98 අවුරුද්දේ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රංශයට ගියා. එතැනදීත් මම මෙයාව දැකලා අපි ෆොටෝ එකක් අරගෙන තිබුණා. එදා අපි කතා කරලාවත් තිබුණේ නැහැ. ආයේ වසර හතරකට පස්සේ අපි මුණගැහිලා තිබුණා. හැබැයි ඒ කිසිම වතාවක අපි කතා කරලා තිබුණේ නැහැ. 2003 වසරේදී ප්‍රංශයට ගිය වෙලාවක අපි මුණගැහිලා කතා කළා. අපි යාළු මිතුරුකම් ඇතිකර ගත්තා. අපේ යාළුකම ආදරයක් බවට පත්වුණා. ඊට පස්සේ පාඨලී ලංකාවට ආවා. 2004 අගෝස්තු 04 වැනිදා අපි විවාහ වුණා…

Advertisement

හෙක්ටර්ගේ අළුත් ගීතයේ රූප රචනාවට ඉන්නේත් පාඨලීමයි?

Advertisement

ඔව්… හැබැයි ඉතින් ඒකට එයාව නම් කැමැති කරගත්තේ හරිම අමාරුවෙන්. මට ලොකු ආසාවක් තිබුණා එයාත් එක්ක ගීතයක් විෂුවල් කරන්න. අඟනක්දෝ ඔයා ගීතයෙන් ඒක හැබෑ කරගත්තා. මේ ගීතය ලිව්වේ ඩෙන්සිල් නුගේගොඩයි. සංගීතවත් කළේ අශේන් චක්‍රවර්තී. ඉතින් අඟනක්දෝ ඔයා වෙනස් විදිහේ නිර්මාණයක්.

Advertisement

තරුණ තරුණියන් අතරේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වු හෙක්ටර් ඩයස්ගේ නොදුටු ජයාරූප පෙළක් පහතින් ..

Advertisement

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

08

Advertisement

Advertisement

09.

Advertisement

Advertisement

10.

Advertisement

Advertisement

11.

Advertisement

Advertisement

12.

Advertisement

Advertisement

13.

Advertisement

Advertisement

14.

Advertisement

Advertisement

15.

Advertisement

Advertisement

16.

Advertisement

Advertisement

17.

Advertisement

Advertisement

18.

Advertisement

Advertisement

19.

Advertisement

Advertisement

20.

Advertisement

Advertisement

Saravita.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *