Latest Articles
Search

කොහොම වුණත් මට නම් හරි දුකයි ඒ ළමයි ගැන. හිතින් දහස් වාරයක් මම දුක්වෙනවා – ළමයින් වෙනුවෙන් කැප වෙන සුරංගනාවිය කියන කතාව

125

මගේ සිහින කුමාරයා හමු වුණොත් මට හෙට නවතින්නම පුළුවන්නෙ? මෙහෙම කියන්නෙ ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වන මන්දාරම් කතාවේ කවි. ඇයගේ නම වගේම ඇයට කවි ලියන්න වගේම කවි කියන්නත් පුළුවනි. සංගීතයට ආදරය කරන නුවරට නිතරම රෝන්දෙ යන්න කැමති නුවරට බොහොම ආදරය කරන අහිංසක ලස්සන තරුණියක් තමයි මේ කවි. මේ විදිහට මන්දාරම් කතාවේ කවි නමින් මේ දිනවල අපට හමුවන සුන්දර ඇය කවුද??

Advertisement

කියන්නකො අපට ඔබගෙ නම??

Advertisement

මදාරා සෙව්වන්දි

Advertisement

මදාරා කියන්නද? සෙව්වන්දි කියන්නද?

Advertisement

මදාරා කියන්න.

Advertisement

මේ පළමු රංගනයද?

Advertisement

කලින් නාඩගම්කාරයෝ නාට්‍යයේ රගපෑවා. මගේ පළමු නාට්‍යය නාඩගම්කාරයෝ. දැන් වැඩි දෙනෙක් මාව දන්නෙ මන්දාරම් කතාව නිසයි.

Advertisement

මදාරා ගැන විස්තර කිව්වොත්?

Advertisement

මම ප්‍රධානව කටයුතු කරන්නෙ මනෝ වෛද්‍ය උපදේශක වරියක ලෙසයි, ඒ අතරේ මේ විදිහට රගපෑම් වලටත් දායක වෙනවා.

Advertisement

ගම් පළාත එහෙම?

Advertisement

ගාල්ල.

Advertisement

කොහොමද ගෙදර විස්තර?

Advertisement

අම්මයි – තාත්තයි මල්ලියි මමයි. පුංචි පවුලක්. අපේ කවුරුවත් කලා අංශයට සම්බන්ධ නැහැ. තාත්තා ව්‍යාපාරික කටයුතු කරන්නෙ. මල්ලි නාවික ක්ෂේත්‍රයේ රැකියාව කරන්නෙ. එයා විදෙස්ගත වෙලා ඉන්නෙ.

Advertisement

මදාරා ඉගෙන ගත්තෙ?

Advertisement

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ.

Advertisement

පාසලේදී මොන වගේ කෙනෙක්ද? දැන් තියෙන අරමුණ ?

Advertisement

බොහොම පාඩුවේ වැඩ කළ කෙනෙක්. සාමාන්‍ය පෙළට නාට්‍යය කළා. උසස් පෙළ කරද්දී මම ආසම කළ විෂය වුණේ මනෝ විද්‍යාව. මනෝ විද්‍යා අංශයේ උපදේශීකාවක වීම අරමුණ වුණා. මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය ගැන හැදෑරුවා. සර් තමයි මට රංගනයේ බොහෝ දේ කියලා දුන්නෙ. ප්‍රදීප් රාමවික්‍රම අයියා මට රංගනයේ බොහෝ දේ කියාදෙන කෙනෙක්. ඒ දෙන්නාව මතක් කරන්න කැමතියි. කලාවට එන්න ලැබුණෙ ඒ වටපිටාව නිසයි.

Advertisement

මදාරා මොනවගේ අදහස් ඇති කෙනෙක් ද?

Advertisement

මම එක් වරම කෙනෙක්ව විනිශ්චය කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නෙ බාහිරව බලලා කෙනෙක්ව තීරණය කරන්න යන්නෙ නැහැ. මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන කෙනෙක්. මට ඉන්නෙ සීමිත යාළුවො පිරිසක්. කොහොමටත් මගේ දවසේ වැඩ ටික කළාම නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් මට නැහැ.

Advertisement

මොනවද දවසේ කරන වැඩ?

Advertisement

මනෝ වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් කාලය ගත කරද්දී දවස ගෙවිලා යනවා තේරෙන්නෙ නැහැ. පරිවාස බාරයේ සිටින දරුවන් වෙනුවෙන් උපදේශන කටයුතු සිදු කරන්නෙ හරිම ආසාවෙන්.

Advertisement

ඒ දරුවන් ගැන ඔබට හැගෙන්නෙ කොහොමද?

Advertisement

ඒ දරුවන් දිහා බලද්දි මට ඇතිවන්නෙ දුකක්, සමාජයේ විවිධ හේතු නිසා එවැනි තැන් වලට දරුවන් යොමුවීම සිදු වෙලා තියෙනවා. සමහර ළමයි දූෂණයට ලක්වෙලා.. ඒ සෑම දෙයක්ම වෙලා තියෙන්නෙ ළමයින්ගෙ වරදින් නෙවෙයි. ළමුන් හැදී වැඩෙන්නට ඕනෑ වැඩිහිටියන්ගේ ආදරය සෙනෙහස එක්කයි. කොහොම වුණත් මට නම් හරි දුකයි ඒ ළමයි ගැන. හිතින් දහස් වාරයක් මම දුක්වෙනවා . මට හැකි උපරිම කාලයක් ඒ ළමයි වෙනුවෙන් කාලය වෙන් කරනවා.

Advertisement

මේ වගේ ළමයි හමු නොවන්නට නම් සමාජයට මදාරාට මොනවගේ පණිවුඩයක් ද කියන්න තියෙන්නෙ?

Advertisement

පුළුවන් තරම් ළමයි එක්ක කාලය ගත කරන්න. ළමයි වෙනුවෙන් ආදරය දක්වන්න. ආදරය දීම හැර ළමයින්ට වෙන මොනවා දුන්නත් වැඩක් නැහැ. එයාලා හැදී වැඩෙන්නට ආදරේ තමයි මූලික සාධකය. එතකොට එයාලා අනවශ්‍ය දේට යොමු වන්නෙ නැහැ. වැඩි දෙනෙක් කරන්නෙ ළමයින් වෙන කාට හරි බාර දීලා වැඩ රාජකාරී එක්ක වැඩි කාලයක් ගත කිරීමයි.

Advertisement

ඇයි ළමයින් මුරණ්ඩු වෙන්නෙ?

Advertisement

සමහර මව්පියන් කරන්නෙ නිතරම දරුවන්ට තරවටු කිරිමයි. ඒක ඇත්තටම විය යුතු දෙයක් නෙවෙයි. තරහින් වැඩ ගන්න බැහැ. එහෙම කළොත් ළමයාගෙන් පෙරළා ලැබෙන්නෙත් ඒ වගේ ප්‍රතිචාර. ඒ නිසා ආදරය තමයි ඔවුන්ට දිය යුතු හොදම ඖෂධය. වරදක් කළත් ආදරයෙන් කියාදීම තමයි කළයුත්තෙ. පවුල් පසුබිම එක්ක තමයි ළමයින්ගෙ චර්යාවන් තීරණය වන්නෙ.

Advertisement

මේ විදිහට ජීවිතය ගත කරන මදාරගෙ පුද්ගලික ජීවිතේ කොහොමද?

Advertisement

මේ කිව්ව වැඩ එක්ක කාර්යබහුලයි. ඒ නිසා දවසට ලබා දෙන වටිනාකම ගැන මට දැනෙන්නෙ සතුටක්. වෙලාවක් ලැබුණම කෑමක් කන්න, ෆිල්ම් එකක් බලන්න එහෙම යනවා. ගොඩක් සතුටින් ගත කරන්නෙ.

Advertisement

සතුටට හේතුව ආදරය ප්‍රේමය මදාරාගේ ජීවිතයෙ තියෙන නිසාද?

Advertisement

මට මාව සතුටින් තියන්න වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. සතුට කියන දේ හොයා ගන්න ඕනෑ තමුන්මයි.

Advertisement

කසාදය ගැන ගෙදරින් කතා වෙන්නෙ නැද්ද?

Advertisement

මම හිතන්නෙ මට ඒකට තව කල් තියෙනවා. මගේ ජීවිතයෙ තවත් යා යුතු ඉලක්ක තියෙනවා. ඉතින් විවාහයට කල බල වෙන්න අවශ්‍ය නැහැ. තවම මම ජීවිතය පටන් ගත්තා විතරයි. ආදරයක් තිබිලා තියෙනවා. ජීවිතයෙ හැටි එහෙමනෙ. වෙනස් වෙන සුළුයිනෙ..

Advertisement

වෙනස් වෙන ජීවිතේ මදාරා වෙනස් නොවන්නෙ?

Advertisement

මාත් මනුස්සයෙක්නෙ ඉතින් වෙනස්වීම මටත් පොදු කාරණයක්. මාත් වෙනස් වෙනවා ඇති.

Advertisement

ආදරය ගැන නිර්වචනය කරන්න කිව්වොත්?

Advertisement

ආදරය කොහොම පටන් ගන්නවද කියලා තේරුම් කරන්න අමාරුයි ඊළග නි​මේශයේ දී ආදරණීය හැගීමක් ඇති වෙන්න පුළුවන්. අම්මට තාත්තට වගේම ප්‍රේමවන්තයකුගෙන් හෝ වෙන මොනවිදිකින් හෝ ලැබෙන ආදරය කියන දේ සුන්දරයි. හොද හදවතක් ගතිගුණ ඇති කෙනෙක් ලැබුණොත් ආදරය වඩා සුන්දර වේවි.

Advertisement

නිතර අලුත් අලුත් ආහාර කන්න ආසයිලු නේද?

Advertisement

ඔව් ඒක මගේ විනෝදාංශයක්. ඒ වගේම මට රසට උයන්නත් පුළුවනි. මම හදන කෑම වලට ගෙදර අය හරිම ආසයි.

Advertisement

මදාරා කියන්නෙම රහ චරිතයක්?

Advertisement

මට මා ගැන කියන්න බැහැනෙ.. පිටින් බලන අය මාව තීරණය කරාවී.

Advertisement

මොකක් ද දකින දුර්වලකම?

Advertisement

කවුරුහරි එක්ක අනවබෝධයක්, ප්‍රශ්නයක් ඇති වුණොත් ආයෙත් සමාන්‍ය තත්වයට එන්න මට කාලයක් යනවා. සමහර විට ඒක මගේ දුර්වල කමක් වෙන්න පුළුවනි. හැබැයි මට ඒ නිසා ඇති වන්නෙ සැහැල්ලුවක්.

Advertisement

මදාරා – මදාරා ගෙන් දකින හොදම දේ?

Advertisement

නිතරම හිනා වෙලා ඉන්නෙ. ඉතින් ඒක හොද දෙයක් කියලා හිතනවා.

Advertisement

කොහොමද විලාසිතා එහෙම කරන්නෙ?

Advertisement

මගේ සිරුරේ හැඩයට- පැහැයට ගැළපෙන අවස්තාවට ඔබින විදියට විලාසිතා ගලපා ගන්නවා. මම ආස දේ කරන්නෙ.

Advertisement

සමාජයේ ඔබගෙ වයසේ පසුවන ගැහැණු ළමයින් වෙතින් දකින දුර්වලකම මොකක් ද?

Advertisement

සමාජ මාධ්‍යයේ නිතරම පෙනී සිටීම සහ තමන්ගේ පුද්ගලික දේ සමාජ මාධ්‍යයේ ඵල කිරීම. එයාලගෙ මම දකින හොදම දේ තාක්ෂණය කෙරෙහි ඇති උනන්දුවයි.. ඒක හොද දෙයක්.

Advertisement

සඳුන් ගමගේ

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *