Latest Articles
Search

ජාඇළ බිහිසුණු කන්ටේනර් රථ අනතුර

678

ජාඇළ ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් පාපැදියක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

Advertisement

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ජාඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

Advertisement

විදෙස්ගතවීමට සූදානම්ව සිටියදී ඔහු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබුණි.

Advertisement

ජාඇළ කනුවන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම පුද්ගලයා කන්ටේනර් රථයේ ගැටී ඇති අතර එහි පැටලී මීටර් 300කට ආසන්න දුරක් ඇදී ගොස් ඇති බවද අනාවරණය වී තිබුණි.

Advertisement

එහිදී මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ කොටස් මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබී ඇති අතර පොලීසිය ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇත්තේ ඔහුගේ දුරකථනයේ සිම් කාඩ්පත උපයෝගී කරගනිමිනි.

Advertisement

පසුව පොලීසිය විසින් CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව කන්ටේනර් රථය හඳුනාගෙන තිබුණි.

Advertisement

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ තඹුත්තේගම සිට කොහුබත් පටවාගෙන පැමිණි එම කන්ටේනර් රථය එම තොගය වරාය ගුදම් අංගනයට දමා වත්තල කන්ටේනර් අංගනයක නවතා ගොස් ඇති බවය.

Advertisement

අනතුරුව වරාය නිලධාරීන්ගේ සහාය ද ඇතිව පොලීසිය විසින් කන්ටේනර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Advertisement

අත්අඩංගුවට ගත් රියදුරු අද වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *