සැමියා රට… දරුවා ඉස්කෝලේ ගෙනියන ත්රීවීල් අයියා එක්ක ලැගුම්හලකට ගිය කාන්තාවට වුණු දේ!
කිරිබත්ගොඩින් ඇහෙන මේ කතාව ඇත්තටම අපේ සමාජයට ලොකු පාඩමක්. එක මොහොතක ගන්න වැරදි තීරණයකින් පවුල් දෙකකම ඉරණම වෙනස් වුණු හැටි බලන්නකෝ.
ඇය 47 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇගේ සැමියා රැකියාවකට විදේශගත වෙලයි ඉන්නේ. මේ කාන්තාවගේ පාසල් යන වයසේ ඉන්න දරුවා හැමදාම ඉස්කෝලේ අරන් ගියේ 45 හැවිරිදි ත්රිරෝද රථ රියදුරෙක්. හැමදාම හමුවෙන නිසාදෝ කාලයක් යද්දි මේ දෙන්නා අතරේ රහස් සම්බන්ධයක් හැදිලා.
පසුගිය 17 වැනිදා මේ දෙන්නා කිරිබත්ගොඩ තියෙන ලැගුම්හලකට (Room) ගිහින්. කාන්තාව පොලිසියට කියලා තියෙන විදියට, එතනදි මේ ත්රිරෝද රථ රියදුරා මත්පැන් පානය කරලා තියෙනවා. කොහොමහරි එකපාරටම ඔහුට දරුණු පපුවේ අමාරුවක් හැදිලා.
කලබල වුණු කාන්තාව ඉක්මනින් ලැගුම්හලේ අයිතිකාරියට මේ ගැන කියලා, 1990 සුවසැරියට කතා කරලා. ඒත් ගිලන් රථයේ මහත්තුරු ඇවිත් බලද්දිත් අර පුද්ගලයා ඇඳ උඩම මෙලොව හැරගිහින් ඉවරයි.
දැන් ඒ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් රාගම රෝහලට යොමු කරලා තියෙනවා. සිද්ධිය වෙද්දි ඔහුත් එක්ක කාමරයේ හිටපු අර කාන්තාව විමර්ශන අවසන් වෙනකල් මේ වෙද්දි ඉන්නේ පොලිස් භාරයේ.
















