BREAKING NEWS
Search

ලෝකාන්තයෙන් වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් නිරුපද්ධිතව බේරා ගැනේ

242

හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් නිරුපද්ධිතව බේරාගැනීමට හැකිව තිබේ.

23 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට මෙලෙස ඇඳවැටී ඇති අතර, ඇය අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු මුදවාගැනීමට හැකිව ඇත.

ඇය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසු සිසුවියන් පිරිසක් සමග  ලෝකාන්තය නැරඹීමට අද (19) පෙරවරුවේ පැමිණ තිබේ.

එහිදී ඇය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කිරිමේදී මෙලෙස පහළට වැටී ඇත.

එහිදී ඇය අත්තක එල්ලී ඇති අතර, එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ වනෝද්‍යානයේ රියදුරෙකු අවධානම නොතකා පහළට බැස ඇයව අත්තෙන් බස්සවා බෑවුමේ ගලක වාඩිකරවා තිබේ.

අනතුරුව ඇය මුදාගැනීම සඳහා පට්ටිපොළ පොලීසියෙන්, යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් උදව් ඉල්ලා ඇත.

ඒ අනුව නුවරඑලිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, වනජීවි නිළධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඇයව බේරාගෙන ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *