ඊයේ ඒ අනතුර සිදුවෙන්න හේතුව මෙන්න මේ වගේ කාරණයක් කියලා ඔබ නිකමටවත් හිතුවාද..?
ඒ අනුව මාර්ගය දෙපස කුඹුරුවල ඉපනැල්ලට ගිනි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති අතර එම පුදිගලයින් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම – කොළඹ බස් රථයක් සහ තිස්සමහාරාමය – කරාපිටිය අතර ධාවනය වෙමින් තිබූ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ අනතුරට ලක්ව තිබුණේ , තිස්සමහාරාමය – මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල – තුරුසෙවන ප්‍ර දේශයේදීයි.
අනතුරින් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සහ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 32 දෙදෙනෙකු තුවාල ලබා හම්බන්තොට සහ දෙබර වැව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
අනතුරට ලක්වූ බස් රථ දෙකේම රියැදුරන්ද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය සඳහන් කළේ අපරීක්ෂාකාරී අන්දමින් රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේදී මාර්ගය දෙපසම පිහිටි කුඹුරුවල ඉපනැලි සහ පිදුරු ගිනිතැබීම හේතුවෙන් මතුවූ දුමාරය නිසා මාර්ගය අපහැදිලි වීමෙන් මෙම අනතුර සිදුව ඇතිබවයි.
අනතුරින් තුවාල ලැබූවන්ද පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මාර්ගයේ පවතින අපහැදිලි තත්ත්වය හේතුවෙන් බස් රථය ධාවනය නොකරන ලෙසට රියැදුරුට සහ කොන්දොස්තරට පැවසූ බවයි.
වීරවිල පොලිසිය සඳහන් කළේ මහාමාර්ගයේ ගමන් ගන්නා ජනතාවට සහ රිය ධාවනයට බාධා වන අයුරින් කුඹුරු ගිනි තැබීමේ චෝදනාව යටතේ එම කුඹුරු ගිනි තැබූ පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් මේ වනවිට ප්‍රෙද්ශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය පැවසුවා.
















