BREAKING NEWS
Search

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

30

2023 සහ 2024 වසරවල මුද්‍රිත, මෙතෙක් ලබානොගත් වාහන අංක තහඩු ජුනි 31 දිනට පෙර කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

මෙම මස 21 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් හිදී මුද්‍රණය කරන ලද, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවල ද මෙලෙස විශාල වශයෙන් අංක තහඩු ඒක රාශී වී පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව 2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර, ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026 ජුනි මස 30 වන දිනට පෙර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු වාහන අංක තහඩු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙතත්, අනිකුත් දිස්ත්‍රික්කවලින් ලබාගත යුතු වාහන අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතත් පැමිණ ඒවා කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරුණිකව දැනුම් දෙයි.

මේ පිළිබඳව කිසියම් විමසීමක් හෝ අමතර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම්, පහත දුරකථන අංකය ඔස්සේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැක.

දුරකථන අංකය : 011-2033333
අංශය: වාහන අංක තහඩු අංශය (Number Plate Division)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *