Latest Articles
Search

කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි

235

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු  මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Advertisement

මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති අයෙකි.

Advertisement

එම පුද්ගලයාගේ කණට යටින් වූ ස්ථානයකට මෙම ද්ෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර කෘමියා දෂ්ඨ කරන ලද ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම හේතුවෙන් එදිනම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වී ඇත.

Advertisement

කෙසේ වෙතත් දෂ්ඨ කරන ලද්දේ කෘමියෙකු බවට රෝගියා විසින් පවසා ඇතත් කුමන වර්ගයේ කෘමියෙක්දැයි යන්න රෝගියාට හඳුනාගැනීමට නොහැකි වී ඇත.

Advertisement

මේ අතරවාරියේදී ඊයේ දින අදාල රෝගයාගේ වේදනාව බරපතල වී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මිය ගොස් ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *