Latest Articles
Search

රේස් පදින අරාබි සුරූපිනිය

3283

ඇමෙරිකාවේ ‘නැස්කාර්’ රේසිං, ඇමෙරිකාවේ පමණක් නොව, ලොව පුරා ප්‍රසිද්ධය. පසුගිය දා 2021 මෙරාන්ඩ්ස් තරගාවලිය ෆ්ලොරීඩාවේ ආරම්භ වූයේ ‘කොවිඩ් 19‘ වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් අනුවය. ටෝනී බ්‍රෙයිඩිනර් ඊට සහභාගී වූයේ පළමු වතාවටය.

Advertisement

නම ටෝනී වුවත්, ටෝනී බ්‍රෙයිඩිනර් පිරිමියකු නොව, 21 ක් හැවිරිදි සුරූපිනියකි. උපතින් ඇමෙරිකානුවකු වන ඇයට ඇත්තේ අරාබි සම්භවයකි. ඒ අනුව ‘නැස්කාර්‘ තරගාවලියකට එක්වුණු පළමු අරාබි සම්භවයක් ඇති තැනැත්තිය ඇය යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

Advertisement

‘ඕනෑම දෙයකින් පළමු වැනියා වෙන්නයි කවුරුත් කැමැති. මටත් එහෙම වෙන්න ආසාවක් තිබුණා. ඒ ආසාව ඉටු වුණා. පළමු වැනියා මා වුවත්, අන්තිමයා මා වෙනවා දකින්න මට ඕනෑ නැහැ. විශ්වාසයි, අරාබියෙන් තව තවත් රේසිං කාර් රියැදුරියන් බිහිවේවි.‘ යැයි ටෝනී බ්‍රෙයිඩිනර් ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කර ඇත.

Advertisement

ටෝනී බ්‍රෙයිඩිනර්, උපන්නේත් හැදී වැඩී ඇත්තේත් කැලිෆෝනියාවේය. ඇයට අරාබි සම්භවයක් ඇත්තේ ඇගේ මවගෙනි. ඇගේ මව උපත ලබා ඇත්තේ ලෙබනනයේ බේරූට් නුවරය. ටෝනී බ්‍රෙයිඩිනර්ගේ නෑදෑයින් බොහෝ දෙනකු තවමත් බේරූට්වල ජීවත් වෙති. ටෝනිගේ පියා ඇමෙරිකානුවෙකි. රේසිං කාර් රියදුරකු වීමේ ටෝනිගේ සිහිනය සැබෑ කළේ ඔහුය. ටෝනිගේ පියා යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකි. රේසිං කාර්වලට ප්‍රිය කරන්නෙකි.

Advertisement

පියා මෙන්ම තමන් ද රේසිං කාර්වලට ඇල්මක් දක්වන බවත්, ගෝ කාට්ර් රේසිංවලදී දස්කම් පෙන්වීමට හැකියාව ඇති බවත් අවබෝධ ​ෙවනවිට ටෝනිගේ වයස අවුරුදු 9 කි. ටෝනිගේ පියා, දියණියගේ හැකියාව අගය කරමින් තවත් ඇය දිරිගන්වමින්, ඇය වෙනුවෙන් කුඩා ගෝ කාට්ර් රේසිං කාරයක් මිලදී ගෙන තිබේ.

Advertisement

‘තාත්තා මාව තරගවලට යොමු කළා. දිනන්න යැයි ඔහු කවදාවත් කීවේ නැහැ. තරගයට සහභාගී වෙන්න, විනෝද වෙන්න, විනෝදයෙන් තරග කරන්න තාත්තා මට කියන්නේ එපමණයි. අදත් තරගවලට මා සහභාගී වෙනවා දැකීම පමණයි තාත්තාගේ සතුට. මා ජයග්‍රහණය කළත් පරාජය වුණත්, එයාට මං හැමදාම ජයග්‍රහණයක්’ ඇය පවසයි.
ටෝනි බ්‍රෙයිඩිනර් සමාජ මාධ්‍ය හරහා ද අතිශය ජනප්‍රිය චරිතයකි. ඇයට ආදරේ කරන, ඇයට ‘ලයික්‘ දමන පිරිස මිලියනයකට වැඩිය. 2021 නෙස්කාර් මෙරාන්ඩ්ස් තරගාවලියට සහභාගී වීමත් සමඟ ටෝනි බ්‍රෙයිඩිනර් ලෙබනනයේත්, සෙසු අරාබි රටවලත් කතාබහට ලක් වී ඇත. නෙස්කාර් මෙරාන්ඩ්ස් තරගාවලියෙන් ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි වුවත්, තරගයට සහභාගී වීම ගැන ටෝනි බ්‍රෙයිඩිනර් සතුට පළ කරයි.

Advertisement

‘රේසිං කාර් පිරිමින්ගේ ක්‍රීඩා. ඒත් ඒක එහෙම වෙන්න ඕනෑ නැහැ. පිරිමින්ට නොදෙවැනි කාන්තා රේසිං රියදුරන් ඉන්නවා. ධාවන පථයට පිවිසී තරගයට යොමු වෙද්දී, ගැහැනු පිරිමි භේදයක් නැහැ. දිනන්න ලැබෙන්නේ දස්කම් පෙන්වන කෙනාට පමණයි’ යැයි ටෝනි පවසයි.

Advertisement

ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

Advertisement



Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *