Latest Articles
Search

අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කල හෙදිය

1344

බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ.

Advertisement

ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝාතකයා බවට පත්වෙමිනි.

Advertisement

33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවු වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.

Advertisement

කෙසේවෙතත් රෝහල තුළ සිදුවු මෙම බිළිඳු මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳව එම රෝහල් බලධාරීන් හට චෝදනා එල්ලවී තිබේ.

Advertisement

අදාළ හෙද නිලධාරිනියගේ සැකකටයුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරුන් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

Advertisement

වාහන ජාවාරමක නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට

කුලී පදනම මත ලබාගත් වාහන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

කුලී පදනම මත පාණදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෝටර් රථ 02ක් ද සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Advertisement

සිදුකළ විමර්ශනවල දී අලෙවි කරන ලද හා උකස් කරන ලද තවත් මෝටර් රථ 02ක් මෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් සොයාගෙන තිබේ.

Advertisement

සැකකරුවන් දෙදෙනා දඹුල්ල හා කල්එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.

Advertisement

සැකකරුවන් පාණදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *