Latest Articles
Search

ලොවම ආදරය කළ ධෝනි චිත්‍රපට රංගනයට ?

178

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චිත්‍රපට රංගනයට එක්වන බවට වූ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් පවතී.

Advertisement

එම වාර්තා සඳහන් කර ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි සමග චිත්‍රපටයකට රංගනයෙන් එක්වනු ඇති බවය.

Advertisement

කෙසේ වෙතත් එවැනි නිර්මාණයක් පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා නිකුත් නොවීම ද විශේෂත්වයකි.

Advertisement

දකුණු ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුවිශේෂී චිත්‍රපටය එළඹෙන වසරේදී නිකුත්වනු ඇති බවය.

Advertisement

එය දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන වෙන්ක්ට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

Advertisement

මේ අතර මේ වනවිට මහේන්ද්‍ර සිං ධෝනි විසින් Dhoni Entertainment නම් නිෂ්පාදන ආයතනයක් ද ආරම්භ කර තිබේ.

Advertisement

මෙලෙස බිහිවන චිත්‍රපටය දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයිගේ 68 වන චිත්‍රපටය වන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Advertisement

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ධෝනි එහි ආරාධිත රංගනයක යෙදෙන බවය.

Advertisement

එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එම චිත්‍රපටයේ ධෝනි දුෂ්ඨයාගේ චරිතය රඟදක්වනු ඇති බවය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *