පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා

3

(ගයාන් සූරිය ආරච්චි)

වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි.

සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම රියදුරු බලපත්‍ර ඔහුගේ නිවසේ නිදන කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

බීමතින් රිය පැදවීමේ චෝදනාව මත එම සැකකරු පෙරේදා (5) රාත්‍රී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.

කෙසේ වෙතත් වැලිමඩ පොලිසිය රථ වාහන අංශයේ නිලධාරීන් පසු දින රියදුරු බලපත් ඇති පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ රියදුරු බලපත්‍ර 41 ක් අතුරුදන් වී තිබූ බව පොලිසිය පවසයි.

අනතුරුව cctv දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු රථ වාහන අංශය දෙසට ගමන් කරන ආකාරය සටහන් වී තිබූ බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *