Latest Articles
Search

තරැණියක සහ තරැණයන්  හතර  දෙනෙකු ගමන් ගත් ඩිපෙන්ඩර්ය ටිපර් රථයක ගැටෙයි-6ක් රෝහලට

513

කොළඹ බදුල්ල ප්‍රධාන  මාර්ගයේ බලන්ගොඩ  ඔිිපනායක  උඩවෙළ  ප්‍රදේශයේදී   ඩිපෙන්ඩර්  වර්ගයේ  ජිප්  රථයක්  සහ   වැලි ප්‍රවාහනය  කරමින් තිබු ටිපර් රථයක්  එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු  අනතුරකින් තරැණියක ඇතුළු   06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඔිපනායක  පොලිසිය  පවසයි.

Advertisement

ඩිපෙන්ඩර් රථයේ  ගමන් කල තරැණියක  සහ එහි ගමන් කල තවත්  තරැණයන්  හතර  දෙනෙකු  සහ  ටිපර් රථයේ රියදුරු  මෙලෙස තුවාල ලබා  ⁣ රෝහල් ගත  කර  තිබෙි.

Advertisement

තුවාලකරුවන් අතුරින් සිවිදෙනෙකුගේ  තත්වය බරපතළ බැවින්  වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර  මහා රෝහල වෙත  මාරැ   කර  යවා  ඇතැයි පොලිසිය පවසයි.

Advertisement

ඩිපෙන්ඩර් රථයේ රියදුරැගේ  අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනවලදි අනාවරණය වෙන  බව පොලිසිය පවසයි.

Advertisement

පඔහින්න   ,ඔිිපනායක  සහ  ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කරැවන් පිරිසක් මෙලෙස තුවාල ලබා තිබෙි.

Advertisement

අනතුර සමිබදයෙන් ඔිිපනායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු  කරයි.

Advertisement

 

Advertisement

රිමාන්ඩ් සැකකරුවෙක් පැන යයි

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි අද දහවල් පලා‍ගොස් ඇත.

Advertisement

මෙසේ පලාගොස් ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ගාල්ල ආනන්ගොඩ ආරච්චිගෙවත්ත පදිංචිකරුවකු වන ලියනගේ දමිත් කුමාරද සිල්වා නමැති 28හැවිරිදි සැකකරුවෙකි.

Advertisement

වරෙන්තු 9ක් ලබා සිටි මෙම සැකකරු ගෙවල් පහක් බිඳ දේපල සොකරම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය  අත් අඩංගුවට ගෙන 16 වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදි සැකකරු 23 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

Advertisement

සැකකරු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කරන ලදි.

Advertisement

මේ අතර සැකකරුට හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ 58 වාට්ටු‍වට ඇතුලත් කර ටිකට් කැපිමෙන් පසුව නැවත බන්ධනාගාරවෙත රැගෙන එමින් සිටියදි කලේගාන ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථය වේගය අඩු කරන ලද අවස්ථාවක බන්ධනාගාර නිලධාරියකුද තල්ලු කරගෙන බිමට පැන පලාගොස් ඇත.

Advertisement

බන්ධනාගාර නිලධාරින් සහ ගාල්ල පොලිසිය එක්ව සැකකරු සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්බ කර ඇත.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *