Latest Articles
Search

කළුතර වෙරළෙන් හමුවූ බිලිඳියගේ මවගේ සිරුරත් සොයා ගනී

1086
උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ සිරුර හමුවූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුර එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා.

Advertisement

අද පෙරවරුවේ ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදී වෙරළ තීරයේ ගල් පරයක සිරවී තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

Advertisement

මෙම මව සහ දියණිය කළුතර – දොඩම්ගොඩ – හල්කඳවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

Advertisement

මේ වනවිට අදාළ සිරුරු ඔවුන්ගේ ඥාතියෙකු සිරුරු හදුනාගෙන ඇති බව පොලීසිය සදහන් කළා.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, කළුතර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

Advertisement

මත්පැන් අවන්හල් හිමියන්ගෙන් මැසිවිලි

වයඹ පළාතට පමණක් විශේෂිත බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩ සටහනක් දිනපතා ක්‍රියාත්මක වෙනවා.

Advertisement

මේ හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරනවා.

Advertisement

ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි.

Advertisement

මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් බව‍යි ඔවුන් සඳහන් කරන්නේ.

Advertisement

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කර සිටියේ වයඹ පළාතේ බීමත් රියදුරන් නිසා සිදුවන අනතුරු මේ වන විට අවම වී ඇති බවයි.

Advertisement

අවන්හල් හිමියන්ට හා බලවතුන්ට ඕනෑ විදිහට නීතිය නවන්නට කිසිවෙකුටත් ඉඩ නොතියන බවයි නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *