කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ බස්‍ අනතුරක්

1427

කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කළ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ආනන්ද විද්‍යාලයට පාසල් සිසුන් රැගෙන යමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එම මොහොතේ පාසල් ළමුන් රැගෙන යමින් සිටි බස් රථය මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණු දෙකක වැදී නතරව ඇති අතර සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසා සිටිනවා.

අනතුරට සම්බන්ධ කොළඹ සිට හැටන් බලා ධාවනය කරමින් සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ රියදුරු සහ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය කල පෞද්ගලික බස් රථයේ රියදුරු යන රියදුරන් දෙදෙනාම අත් අඩංගුවට ගත් බව සඳහන්.

එම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

ගුරුවරියගේ රන් තැල්ලට ගුරුවරියක්ම විදලා

පුත්තලම , උඩප්පුව ප්‍රදේශයේ විදුහලක උපාධිධාරී ගුරුවරියකගේ අත් බෑගයේ දමා තිබූ රුපියල් ලක්ෂ විසි දෙකකට වැඩි වටිනාකමකින් යුත් පවුම් 13 ක රන් තැල්ල සොරාගත් බව කියන එම විදුහලේම ස්වේච්ඡා පදනම මත සේවය කරන ගුරුවරියක අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු විසිහතක් වයස ගුරුවරියකි.

උපාධිධාරී ගුරුවරිය කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සැකකාර ස්වේච්ඡා ගුරුවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුට ගත් සැකකාරියගේ හෙළිකරගත් තොරතුරු මත පාසලේ පිහිටි වැට මායිමේසුරක්ෂිත ලෙස වළ දමා තිබූ වළදමා තිබූ රන් තැල්ල සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

උපාධිධාරී ගුරුවරිය විසින් පැළඳ ගෙන එන මෙම රන් තැල්ල  කාමරයට පැමිණි පසු ගලවා අත් බෑගයේ දමා ගැනීම පුරුද්දක් වශයෙන් කරගෙන යන බව කියති.

උපාධිධාරී ගුරුවරිය පසුගිය 25 වැනිදා හද පුරුදු ලෙස රන් තැල්ල අත් බෑගයේ දමා උගන්වමින් සිටියදී විදුහල්පතිවරයා කරන ලද දැනුම් දීමක් මත ඔහු හමුවීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.

අත්බෑගය පරීක්ෂාකර බලන විටරන් තැල්ල එහි නොමැති බව දැක ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට යෑමට සූදානම් වූ අවස්ථාවේ සැකකාරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පාසලට අපකීර්තියක් වන බව පවසා පොලිසියට නොයන ලෙස ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *