අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ගොඩගසා ඇති මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කීය.
කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත්, ටෙඩි බෙයා හෝ විශාල බෝනික්කකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය.
කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර උඩුකයට රෝස පැහැති ඇදුමක් සහ යටකය නිරුවස්ත්‍රව තිබූ බවද සදහන් වේ.
කුරුණෑගල හෙල්ලූ වල්අලියා අල්ලයි
කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කරමින් දින ගණනාවක් කුරුණෑගල ප්‍රදේශය බියට පත් කළ වන අලියා අද (27) සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
කුරුණෑගල, කීනගස්පිටිය, දෙමටළුව, හංහමුණුව, වල්පොල, වාරියපොල හරහා කිලෝමීටර් 30 ක පමණ දුරක් ගෙවාගෙන අද උදෑසන වනවිට පාදෙණිය ප්‍රදේශයට පැමිණි වල් අලියාගේ අඩි සළකුණු ඔස්සේ පැමිණි වනජීවී නිලධාරීහු පාදෙණිය මුවන්වැල්ල ප්‍රදේශයේ වැවක සිටියදී වන අලියා සොයා ගැනීමට සමත් වූහ.
මේ වනවිට පාදෙණිය රජමහා විහාරස්ථානය පිටුපස පිහිටි වැවේ අලියා බැද තබා ඇත. වන අලියා අවුරුදු 20 -25 පමණ වයසේ පසුවන බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය වරු කියති. හෙට දිනයේදී වන අලියා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මුදාහැරීමට නියමිතව ඇත.


















