Latest Articles
Search

ලෝක කුසලාන, පාපන්දු තරගාවලියට සැරසෙන… කටාර් රාජ්‍යය

111
ලොව වඩාත්ම ජනප්‍රියතම ක්‍රීඩා සැණකෙළියක් ලෙස සැලකෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙම වසරේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති සිත්ගන්නාසුලු රටක් ලෙසින් සැලකෙන කටාර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි.

Advertisement

මෙම කලාපය තුළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වෙන්නේ එහි ඉතිහාසයේ පළමුවරට වීම හේතුවෙන් මෙවර පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා ලෝලීන්ගේ සුවිශේෂී අවධානයක් යොමුව ඇති බව නොරහසකි.

Advertisement
ඒ අනුව පාපන්දු ලෝක කුසලානයට තවත් මාස 3කට ආසන්න කාලයක් ඉතිරිව පවතිද්දී ඉතිහාසයේ නැවුම් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානය සම්බන්ධයෙන් සිත්ගන්නාසුලු කරුණු රැසක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

Advertisement

මෙවර පාපන්දු ලෝක කුසලානය එළැඹෙන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ ශීත සෘතුවක පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලානය බවට පත්වෙමිනි.

Advertisement

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපය තුළ දහවල් කාලයේ පවත්නා සෙල්සියස් අංශක 50කට ආසන්න උෂ්ණාධික කාලගුණ තත්ත්වය මඟහරිමින් උතුරු අර්ධගෝලය තුළ ශීත සෘතුව ක්‍රියාත්මක වන කාල සීමාවේදී මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන්ය.

Advertisement

එපමණක් නොව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම වියදම් අධිකතම ලෝක කුසලානය ලෙසින්ද මෙය ඉතිහාසයට එක්වනු ඇත.

Advertisement

මෙම තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 200ක වියදමක් කටාර් රාජ්‍යය විසින් දරනු ලබන බවට මේ වන විටත් ඇස්තමේන්තුගත කර ඇත.

Advertisement

තත්ත්වය එසේ වුවද පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ‘2022 කටාර් පාපන්දු ලෝක කුසලාන’ තරගාවලියේ ප්‍රධාන විධායක නිලධාරියා වන නසීර් අල් ඛාටර් සඳහන් කර තිබුණේ, මෙම තරගාවලියේ සත්කාරකත්වය හරහා ඇමරිකන් ඩොලර් බිලියන 6කට අධික ආදායමක් උපයා ගත හැකි වන බවයි.

Advertisement

එමෙන්ම මෙහි අවම ප්‍රවේශපත්‍ර ගාස්තුව ඇමෙරිකන් ඩොලර් 69ක් ලෙසින් දැක්වේ. තවද මෙහි ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 42ක දැවැන්ත ජය මල්ලක් පිරිනැමීමට කටයුතු යොදා ඇත්තේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ජයග්‍රාහකයන්ට ලබා දෙන වැඩිම ත්‍යාග මුදල ලෙසිනි.

Advertisement

තවද මෑත ඉතිහාසයේ අවම ක්‍රීඩාංගණ සංඛ්‍යාවක් යොදා ගනිමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව ලෙසින්ද මෙය වාර්තා අතරට එක්වනු ඇත.

Advertisement

මෙහිදී ක්‍රීඩාංගණ 8ක් පමණක් යොදා ගැනීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බවද දැක්වෙන අතර, මෙහිදී එක් ක්‍රීඩාංගණයක් පමණක් පිළිසකර කර ඇති බවත් අනෙක් ක්‍රීඩාංගණ 7 මුල සිට ඉදිකිරීම් සම්පූර්ණ කළ ක්‍රීඩාංගණ බවද දක්වා තිබිණි.

Advertisement

එසේම මෙම තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ 8 තුළ පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් නරඹන්නන්ට ඇතිවන පීඩාව අවම කිරීම උදෙසා සියලු ක්‍රීඩාංගණ වායුසමනය කිරීමට කටයුතු යොදා තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

Advertisement

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් මෙවන් පියවරක් ගනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

Advertisement

එපමණක් නොව, පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිත වන තරගාවලිය මෙය වනු ඇති බවට මේ වන විටත් පුරෝකථන පළව තිබීමද විශේෂත්වයකි.

Advertisement

එපමණක් නොව මෙම තරගාවලිය පැවැත්වෙන මාසයක කාලය පුරා දිනකට ගුවන් යානා 1300ක් පමණ කටාර් රාජ්‍යය වෙත ළඟා වනු ඇති බවට මේ වන විට ඇස්තමේන්තුගත කර තිබීමද විශේෂත්වයකි.

Advertisement

එමෙන්ම මීට එක්වන සුවිශාල වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව වෙනුවෙන් විශේෂ ගමනාගමන පහසුකම් සකස් කිරීමට කටාර් බලධාරීන් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

Advertisement

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නරඹන්නන්ට බීර මද්‍යසාර භාවිතයට අවසර ලබාදීම සම්බන්ධයෙන් කටාර් බලධාරීන්, ලෝක පාපන්දු සම්මේලන බලධාරීන් සහ තරගාවලි අනුග්‍රාහකයන් අතර කිසියම් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වී ඇති බව පසුගිය කාලයේදී වාර්තා විය.

Advertisement

ඇල්කොහොල් රහිත’ බීර පමණක් නරඹන්නන්ට ක්‍රීඩාංගණ තුළදී භාවිත කිරීමට අවසර හිමි වීමේ වැඩි ඉඩක් පවතින බවද සඳහන්ය.

Advertisement

එමෙන්ම මෙම වැඩපිළිවෙළ යටතේ නරඹන්නන්ට ඇල්කොහොල් මද්‍යසාර භාවිත කිරීම සඳහා සපයා ඇති විශේෂ කලාප තුළදී ඉතා අඩු මිලගණන් යටතේ (කටාර් රාජ්‍යයේ ස්ථාන බොහෝ ගණනක මෙම විශේෂ ඇල්කොහොල් භාවිත කරන කලාප සකස් කර තිබේ) ඇල්කොහොල් අඩංගු මද්‍යසාර භාවිත කිරීම සඳහා අවස්ථාව සලසාදී ඇති බවද සඳහන්ය.


ගමිත දෙහිපිටිය
මව්බිම

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *