“එක්කෙනෙක් මට ජීවිතය දුන්නා.. අනිත් කෙනා මට ජීවත් වෙන්න හේතුවක් දුන්නා..”
මේ ශේෂාද්‍රි කියන්නේ මොකක් ගැනද..?
ඔව් අද එයාලාට ගොඩක් විශේෂ දවසක්.. චූටි ක්‍රිෂාර්යා වගේම ශේෂාද්‍රිගේ ආදරණීය මවගේත් උපන්දිනය යෙදිලා තියෙන්නේ එකම දවසක..
ඉතින් ඇයට අද දවස අනිත් හැම කෙනෙක්ටම වඩා ගොඩක් විශේෂ වෙන්න ඇති.. ශේෂාද්‍රි ඉතින් මේ දෙන්නාට ගොඩක් ආදරණීය සුබපැතුමක් එක්කරලා තිබුණා..
ඒ දෙන්නාටම ඇගේ ජීවිතේ හිමිවෙලා තියෙන්නේ එක හා සමාන තැනක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඇයව කවදාත් දරාගත්ත අම්මාගේ ආදරයට සෙනෙහසට නොදෙවෙනි ආදරයක් රැකවරණයක් ඇය දැන් ඇගේ දියණියත් ලබා දෙනවා..
ඉතින් අද දවස ශේෂාද්‍රිට විතරක් නෙවෙයි.. ප්‍රියසාද් පවුලේ කාටත් විශේෂයි.. මොකද ඉතින් මේ එයාලාගේ ලොකුම කෙල්ලගෙයි , චූටිම කෙල්ලගෙයි ලස්සනම දවස නේ..






















