BREAKING NEWS
Search

හිටපු ජනපති ගෝඨාභය නැවත මෙරටට එන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කියයි

211

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී නොමැති අතර ඔහු සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී යි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳව සහ එළඹෙන අගෝස්තු මාසයේ දී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.

මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති අතර, ඇතැම් වාර්තාවල සඳහන් වන ආකාරයට කිසිදු අයුරකින් රැකවරණය පතා ගිය ගමනක් නොවන බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මාධ්‍යවේදියා විසින් මතු කළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

කෙසේ නමුත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නො මැති බවද සඳහන් කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *