BREAKING NEWS
Search

සැණකෙළියක් පුද්ගලයන් 18 කට මරු කැදවයි

235
මේ කියන්න යන්නේ තවත් ඛේදනීය කතාවක් ගැනයි..

සැනකෙළි සිරි දෙන ඒ මහා සංදර්ශන පසුපසත් මේ වගේ කඳුළු කතාවක් ඉතිරි වෙලා…

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා..

මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ..

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්..

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා..

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *