Latest Articles
Search

ජැක්සන් නැතුව පවුලේ අය ජැක්සන්ගේ උපන්දිනය සැමරූ හැටි

415

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පසුගිය දා සිදුවීමකට මුහුණ දුන්නා. ඒ ඔහු ගමන් ගත් රථය වනඅලියෙකුගේ ඇගේ හැපීමෙන් වුණු අනතුර. මේ වෙද්දි ජැක්සන් ඇන්තනී සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්. ඔහු මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව අපට ආරංචි වූවා. පසුගිය 08දාට ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය දා ද ඔහු සිටියේ රෝහලේ. කෙසේනමුත් ජැක්සන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් වසරක් පාසාම සිදු කරන සමාජ මෙහෙවර ජැක්සන් නොමැතිව පවුලේ අය එක් වී සිදු කර තිබෙනවා.

Advertisement

ඒ පිළිබඳව ඔහුගේ දියණිය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා..

Advertisement

“ජූලි 08 ට යෙදුනු අප්පච්චිගෙ උපන්දිනේ වෙනුවෙන් හැමදාම වගේ එයාගෙ අම්මලා වෙනුවෙන් සාදයක් පැවැත්වූවා. 2012 ඉඳලා හැමදාම අප්පච්චි උපන්දිනේ සැමරුවේ අම්මලා එක්ක අප්පච්චි ගෙ අම්මා සිහි කරමින්. ආච්චිඅම්මා අපි එක්ක ඉන්න කාලෙත් උපන්දිනේට අප්පච්චි දුවගෙන යන්නෙ එයා ලඟට. අප්පච්චි කියන්නෙ ඕනම කෙනෙකුට උපන්දිනය, උපත සිහි කරන්න හෝ සමරන්න පුළුවන් හොඳම විදිහ වෙන්නෙ ඒ උපත වෙනුවෙන් ලේ කඳුළු හැලූ අම්මා තාත්තා සිහි කරමින් ය කියලයි.

Advertisement

මේ වසරේදි අප්පච්චිගෙ උපන්දිනය දා එයාට සෙත් පතමින්, අප්පච්චිට ආදරේ කරන බොහෝ සුමිනිසුන්ගේ මහන්සියෙන්, ශ්‍රී පාදස්ථානය, ශ්‍රී මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑය, නාගදීපය, මහියංගනය, කැළණිය රජමහා විහාරය, බෙල්ලන්විල විහාරය ආදී බෞද්ධ සිද්ධස්ථාන වලත්, කඳාන ස්නාවක ජුවාම් දෙව්මැදුර, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය යන ස්ථාන වල නොයෙක් ආගමික වතාවත් සංවිධානය වුනු අතර, නොයෙක් මීන කුරුළු ගව ආදී අභයදාන පිංකම් ද සංවිධානය වුනා.

Advertisement

Advertisement

ලොකු මල්ලි අඛිල කොළඹ ජාතික රෝහලේ හැමෝටම කේක් මහ ගොඩක් බෙදලා අප්පච්චි වෙනුවෙන් සෙත් පතන්න කියලා ඉල්ලුවා. වාසනා කේක් ආයතනය අපේ ඒ කේක් ඇනවුමට මුදල් අය කළේ නෑ. සජිත එදා අනුරාධපුරයේ පූජා සංවිධානය කරලා තිබ්බා බුවීත්, පුතාත් එක්කම. මං ඒමි නංගිත් ආරන්‍යා දුවත් එක්ක සුපුරුදු විදිහට කඳානේ මොරාවත්තෙ අම්මලා බලන්න ගියා.

Advertisement

උපන්දිනය වෙනුවෙන් රට පුරා නොයෙක් පූජා සෙත් ශාන්ති රැසක් අපි සූදානම් කරලා තිබ්බත්, අප්පච්චි රෝහලේ ඉඳන් නැවත නැවතත් ඇහුවේ “මොරාවත්තෙ අම්මලාට පාටිය දැම්මා ද?” කියලයි. එයාට අර ඔක්කොමත් හරි අම්මලත් හරි. වෙනදා වගේම කේක් කපලා, තෑගි බෙදාගෙන, ආරන්‍යා දුව සිංදු කියලා හිටියත් ඒ අම්මලා එදා වෙනදා තරම් සතුටින් හිනා වෙලා හිටියේ නෑ. අප්පච්චි වෙනුවෙන් සුවය ඉල්ලා දිවා රෑ හඬමින් යාච්ඤා කරමින් ප්‍රාර්ථනා කරමින් එයාලා ගත කරන්නෙ හුඟක් දුකින්.

Advertisement

ඉතිං ලබන වසරේ උපන්දිනය සමරන්න හැමදාම වගේ පව්ලේ හිතවතුන් සහ අප්පච්චි එක්ක එන්නම් කියලා අම්මලාට පොරොන්දු වෙලා අපි ආවා.”

Advertisement

Source:saaravita

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *