Latest Articles
Search

රැකියාවත් අධ්‍යාපනයත් එක ලෙස වැදගත් යැයි සිතු ජනප්‍රිය බොලිවුඩ් සුරූපිනියන්

210

මේ කාන්තාවන්ගෙන් ලොව බලගැන්වෙන සමයක්. රංගන ශිල්පිනියන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සුබදායී ආකල්පයක් නෙවෙයි. එනිසා ම අධ්‍යාපනයෙන් එක් අංශයකින් ඉහළට ම ගොස් වෘත්තිය ලෙස රංගනය තෝරාගත් බොලිවුඩ් රංගන ශිල්පිනියක් කිහිප දෙනෙක් පිළිබඳ කතාවකටයි මේ සූදානම.

Advertisement

පරිනීති චොප්රා

01.

Advertisement

Advertisement

02.

Advertisement

 

Advertisement

Advertisement

03.

Advertisement

 

Advertisement

Advertisement

04.

Advertisement

 

Advertisement

Advertisement

ඇය ජනකාන්ත රංගන ශිල්පිනියක් වන ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියකි. පරිනීති චොප්රා රංගනය තුළ අනන්‍යතාවක් ගොඩ නගා ගෙන ඇතුවා සේ ම ඉහළ අධ්‍යාපනයක් ලබා ගත් රංගන ශිල්පිනියක් ලෙස හඳුනාගත හැකියි.

Advertisement

ඇය සාර්ථක ව සිය රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර Bhal (2011), Ishaqzaade (2012), Shudd Desi Romance (2013), Hasee Thoh Phasee (2014), Golmal Again (2017) ඉහළින් ම තිබෙනවා.

Advertisement

ඇයගේ අධ්‍යාපන තත්ත්වය සැබැවින් ම ඉහළයි. ඇයට Manchester Business School වෙතින් ත්‍රිත්ව ගෞරව කළමනාකරණවේදී උපාධියක් හිමියි. එනම් ව්‍යාපාර අධ්‍යනය, මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන් තුනම එක් උපාධි පාඨමාලාවක ප්‍රධාන විෂය ධාරාවන් තුනක් වශයෙන් තෝරාගෙන අවසන් කිරීමයි. එමෙන් ම ඇයට සංගීතය විෂයයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් ද හිමියි.

Advertisement

ප්‍රීටි සින්ටා

01.

Advertisement

Advertisement

02.

Advertisement

 

Advertisement

Advertisement

03.

Advertisement

 

Advertisement

Advertisement

04.

Advertisement

 

Advertisement


2000න් පසු සමයේ අතිශය ජනප්‍රිය ව ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේ ප්‍රීටි සින්ටායි. සිය දඟකාර සිනහවෙනුත් තාත්වික රංගනයෙනුත් රසිකයින් වසඟ කරගත් ප්‍රීටි සින්ටා ද ඉහළ අධ්‍යාපනයක් ලැබූ රංගන ශිල්පිනියක්.

Advertisement

ඇය කරළියට එන්නේ 1998 දී Dil Se චිත්‍රපටයත් සමගයි. Chori Chori Chupke Chupke (2001), Koi Mil Gaya (2003), Veer – Zaara (2004) වැනි චිත්‍රපටවල රංගනය නිසා එකල ඇය තරුවක් ව බැබලුණා.

Advertisement

ඇය සිය ප්‍රථම උපාධිය වන ඉංග්‍රීසි ප්‍රධාන කොටගත් ශාස්ත්‍රවේදී උපාධිය ලබන්නේ St. Bede’s College මගින්. වැඩිදුරටත් අධ්‍යාපනය ලබන ඇය අපරාධ මනෝ විද්‍යාවෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නට සමත් වෙනවා.

Advertisement

සෝහා අලි ඛාන්

01.

Advertisement

Advertisement

02.

Advertisement

 

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

සෝහා කරළියට පැමිණෙන්නේ ජනප්‍රිය පවුල් පසුබිමක් තුළින්. ඇගේ පියා මන්සූර් අලි ඛාන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇගේ මව ෂර්මිලා තාගෝර් ප්‍රබල රංගන ශිල්පිනියක්. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සයිෆ් අලි ඛාන් ඇගේ සොහොයුරා. ඇය චිත්‍රපට තෝරාගන්නේ බොහොම බුද්ධිමත් ස්වරූපයකින්.

Advertisement

ඇය කරළියට එන්නේ Iti Srikanta (2004) චිත්‍රපටයෙන්. Rang De Basanthi (2006), Khoya Khoya Chand (2007), 99 (2008), Midnight Children (2012) වැනි චිත්‍රපට හරහා ඇය ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නවා.

Advertisement

ඇය නූතන ඉතිහාසය විෂයයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කරන්නේ Oxford University අනුබද්ධ Balliol College ආයතනයෙන්. ඉන් නොනැවතෙන සෝහා London School of Economics and Political Science ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා විෂයයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරනවා.

Advertisement

විද්‍යා බාලන්

01.

Advertisement

Advertisement

02.

Advertisement

 

Advertisement

Advertisement

03.

Advertisement


කෙටි කලකින් ම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් විද්‍යා බාලන් ද වෘත්තීය රංගන ශිල්පිනියක් වුවත් ඉහළ අධ්‍යාපනයක් ලැබූ තැනැත්තියක්. ඇය බොලිවුඩයට පය තබන්නේ 2005 වසරේ දී. සුන්දර රුවත්, සහජ ප්‍රතිභාවත් ඇය රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වයට පත් වන්නට හේතු වෙනවා.

Advertisement

Paa (2011), Ishqiya (2011), The Dirty Picture (2012), Kahaani (2013), Thumhari Sulu (2017) ඇය ඉතා සාර්ථක ව රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට කිහිපයක් ලෙස හඳුන්වන්නට පුලුවන්.

Advertisement

ශාස්ත්‍රවේදී උපාධිය සමාජ විද්‍යාව විෂයයෙන් ඇය ලබාගන්නේ St. Xavier’ College මගින්. University of Mumbai ආයතනයෙන් ඇය සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනවා.

Advertisement

අමීෂා පටෙල්

01.

Advertisement

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

 

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

අමීෂා පටෙල් ප්‍රබල ඉන්දීය දේශපාලන පවුලකින් පැවතෙන්නියක්. ඇය බොලිවුඩය තුළ ඇයටම අනන්‍ය වූ රංගන විලාසයක් ගොඩ නගා ගෙන තිබෙනවා. Kaho na තුළින් රංගනයට අත් පොත් තැබූ අමීෂා Pyaar Hai (2000), Gadar:Ek Prem Katha (2001), Humraaz (2002) ආදී චිත්‍රපට තුළින් රසික ආදරය දිනා ගන්නට සමත් වුණා.

Advertisement

රංගන ක්ෂේත්‍රයට පැමිණියත් ඇය අධ්‍යාපනය නතර කර දැමුවේ නැහැ. අමීෂා පටෙල් Tufts University හි සිය උපාධිය නිම කළේ රන් පදක්කමක් ද සහිතවයි.

Advertisement

ඉන්දියාවේ වඩාත්ම ඉහළට අධ්‍යාපනය ලබා රංගන ක්ෂේත්‍රයට පැමිණි රංගන ශිල්පිනියන් පස් දෙනෙක් පිළිබඳ ඉහත දැක්වෙනවා. ඔවුන් රංගන ක්ෂේත්‍රය තෝරා ගත්තත් අධ්‍යාපනය අතින් ද ඉහළ ම සුදුසුකම් ලබා තිබෙනවා. සැබැවින්ම ඔවුන් සෑම රංගන ශිල්පිනියකට ම ආදර්ශයක්.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *