ලොව පැරණිතම මැරතන් තරගයක් ලෙස සැලකෙන බොස්ටන් මැරතන් තරගය හෙට (20) ඇමරිකාවේ දී ආරම්භ වනවා.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 55 හැවිරිදි වියේ පසුවන මැරතන් ශූරයෙක් වන ගාමිණි සුගතදාස සහභාගීවීමට නියමිතයි.
ඔහු මෙවර තරගයේ සහභාගී වන්නේ අවුරුදු 55-59 තරග කාණ්ඩයෙන්.
අවුරුදු 55-59 තරග කාණ්ඩයෙ මෙවර තරගය සඳහා තරගකරුවන් 3800කට වැඩි පිරිසක් තරග වැදීමට නියමිතයි.
වසර 130ක ඉතිහාසයක් හිමි බොස්ටන් මැරතන් තරගය වෙනුවෙන් මෙවර ලොව පුරා සිටින මැරතන් තරගකරුවන් සහ තරගකාරියන් 30,000කට වැඩි පිරිසක් සහභාගීවන බවයි වාර්තා වන්නේ.















