තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
18 හැවිරිදි වෙඩික්කරු එම පාසලේම ආදිශිෂ්‍යයෙකු බව සඳහන් වෙයි.
ඔහු ‘ෂොට්ගන්’ වර්ගයේ තුවක්කුවකින් පාසලේ සිටි පිරිසට අහඹු ලෙස වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් පසු පාසල් ගොඩනැගිල්ල තුළ සැඟවුණු ඔහු, පසුව එම තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ 16 දෙනා අතර ගුරුවරයෙකුද සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් වෙයි..
ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.




















