BREAKING NEWS
Search

යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

154
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබෙනව බව පොලිසිය පවසනවා.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගයක් මත අදාළ කැණීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම් කළ ද කිසිදු අවියක් හමු නොවූ බව පොලීසිය සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ වළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම කැණීම් කටයුතු ඊයේ (13) පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කළ බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *