BREAKING NEWS
Search

ලොතරැයි දිනුම අරන් ගෙදර එද්දි අවසන් ගමන් යයි

6

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන ලොතරැයිපතකට ඇදුණු රුපියල් ලක්‍ෂ දහයේ දිනුම ලබා ගැනීමට තවත් මිතුරෙකු සමග යතුරුපැදියකින් ලොතරැයි මණ්ඩලයට ගොස් පැමිණීමෙන් සිටියදී හොරණ පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් පිටතට ගොස් අසල තිබුණු බෝක්කුවක ගැටීමෙන් පිටුපස ගමන් කළ පුද්ගලයා මිය ගිය බව හොරණ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි සම්මුගම් ආනන්ද නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් තොරතුරු අනුව, මියගිය පුද්ගලයා තවත් 24 හැවිරිදි තරුණයෙකු සමඟ  කොළඹ ප්‍රදේශයේ සිට හොරණ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී,  පොකුණුවිට පාලමෙහි  යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර  සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 24 හැවිරිදි පැදිකරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *