පෙන්ටගනය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව යුද, ගුවන්, නාවික හා මැරීන් යන අංශ හතරෙහිම සෙබළු 365ක් මෙසේ තුවාල ලබා ඇති බවයි සඥහන්.
ඉන් වැඩි පිරිසක් තුවාල ලබා ඇත්තේ යුද හමුදා භටයින් වන අතර, එම සංඛ්‍යාව 247ක්.
එමෙන්ම නාවික සෙබළුන් 63ක්, ගුවන් සෙබළුන් 36ක් සහ මැරීන් සෙබළුන් 19ක් ලෙස තුවාල ලබා ඇති බවයි දැක්වෙන්නේ.
අදාල සංඛ්‍යාලේඛන අනුව යුද්ධය හේතුවෙන් අමෙරිකානු සෙබළු 13 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පෙන්වා දෙන්නේ.
යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය මෙම වාර්තාවට පදනම් වී තිබෙනවා.




















