BREAKING NEWS
Search

රෝහල ළග ඉදන් සුව සැරියට කෝල් කරලා

11

රෝහල පාමුල නිවසක පිහිටි අයකු ප්‍රතිකාර ගැනීමට රෝහලට සුවසැරියෙන් පැමිණි අපූරු කතාවක් දකුණේ  නගරයකින් අසන්නට ලැබුණේය.
මැදිවියේ පසුවන ඔහුගේ නිවස පිහිටියේ රෝහල පේන දුරිනි. නැතහොත් රෝහල පිහිටි කුඩා කන්දට පාමුලය. රෝහලේ සිට ඔහුගේ නිවසට ඇති දුර මිටර් එකසීය පනහක් දෙසීයක් නැති තරම්ය. රෝහලට යන එන අයට ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් ඇති කුලී ත්‍රීරෝද රථ ගාල පිහිටියේ ද ඔහුගේ නිවස ඉදිරිපිටය.

මේ තැනැත්තාට හදිසි පපුවේ වේදනාවක් හට ගත්තේය. රෝහලට යාමේ අවශ්‍යතාව තදින්ම දැනුනේය. ඔහු සිය ජංගම දුරකතනය අතට ගත්තේ ඒ වෙනුවෙනි. ඔහු ඇමතුමක් ගත්තේය. ගතවූවේ ටික වේලාවකි. ඔහුගේ දුරකතනයෙන් දුන් තොරතුරු අනුව එම ස්ථානයට රථයක් පැමිණියේය. එතනට ආවේ සුව සැරියක්ලු‍.
එතනට ගිය සුව සැරියේ නිලධාරීන්ට තරු පෙනුනේය. ඒ තමන් රැගෙන යෑමට පැමිණි රෝගියා සිටි නිවසට අදාළ රෝහල ඉතා කිට්ටුවෙන් තිබීම නිසාය.
ඔහුගේ මේ රෝහල් යාම පිළිබඳව ගම පුරාම ප්‍රචාරය වීමට ගියේ ටික වේලාවකි. 1990 යයි ඔහුට කියු සැණින් ඔහුගේ ඉහමොළ රත්වී එතනින් මාරුවී යන්නේ හිමින් නම් නොවේ.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *