ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යනු ‘කුණු ලෝභයෙක්’ බවත්, එය රටට සුභදායීව බලපාන බවත් හිටපු අමාත්‍ය සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ගාල්ලේ නව ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, මේ වන විට ලෝකයේ පවතින යුදමය තත්වයත් සමඟ ලංකාවට ඇති වී තිබෙන තත්වය හොඳින් කළමනාකරණය කරගතහොත් එළඹේන ජනාධිපතිවරණයෙන් පවා ජයග්‍රහණය කිරීමට අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රන්ජන් රාමනායක මාතා කියා සිටියේ,
“කුණාටුව මැදින් නැව යාත්‍රා කරන නාවිකයා තමයි වැඩකාරයෙක් වෙන්නේ. ඒ අවස්ථාව දැන් ජනාධිපතිතුමාට ඇවිල්ලා තියනවා. ඔහුට කොරෝනා අවේ නැති වුණාට, සුනාමි ආවේ නැති වුණාට, ගංවතුර ආවා දැන් යුද්දේ ඇවිල්ලා තියනවා මැදපෙරදිග, ඒක කළමනාකරණය කර ගත්තොත් ඔහුට හොඳ නමක් තියාගෙන හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්, අනිත් පාරත් දිනනන් පුළුවන්. ඒක තියෙන්නේ එතුමාගේ අතේ සහ මේ ආණ්ඩුව අතේ. කීපදෙනෙක් හානවා වගේ පේනවා පොඩි පොඩි හෑම් තියනවා. එහෙම නැති එකක් ඇමරිකාවෙත් නෑ. ලෝකේ හැමතැනම උද්ඝෝෂණ ගෝ හෝම් කියන සටන් පාඨ තියනවා. ඒක නවතින්නේ නෑ අපේ ඩියුටිය එන එන කෙනාට ගෝ හෝම් කියන එක නෙවෙයි. එන කෙනාගෙන් වැඩක් ගන්න එක.
මම දන්න විදියට එයා හරි ලෝභයි. අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝභයෙක්, ඒ ලෝභකම රටට හොඳයි නාස්තිය නෑ. ඉස්සර හිටිය ජනාධිපතිවරු ලෝභ නෑනේ. අපේ සල්ලි පිස්සෝ වගේ වියදම් කළා. රට විකිණුවා. මෙයා කුණු ලෝභයෙක්. අපේ ගෙදර තාත්තා කුණු ලෝභයෙක් වුණාම ගෙයි ඉඩමත් ඉතුරුයි, ගේත් ඉතුරුයි, සේප්පුවේ සල්ලිත් ඉතුරුයි, වී බිස්සේ වීත් තියනවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලෝභකම නිසා සල්ලි ගොඩක් ඉතුරු වෙලා තියනවා. විපක්ෂයෙන් කියනවා මොහු ගොඩක් සල්ලි ඉතුරුකරන් ඉන්නාව කියලා. ඒ ගෙදර ගෙනියන්න නෙවෙයි ජනතාවට…”




















