අද (02) උදෑසන 08.00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.
ඒ, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමිනුයි.
පෙරේදා (31) ක්‍රියාත්මක කළ එක්දින වර්ජනය ඊයේ (01) උදෑසන අවසන් වුවද, ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ පස්වරුවේ රැස්වූ එම සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.




















