සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණුයි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මෙසේද පැවසුවා.
‘‘වසරක් තුළ ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස මුලින්ම සියයට 15 කින් විදුලි බිල වැඩි කරන්න ආණඩුව කටයුතු කර තිබෙනවා. පසුගිය සතියේ නැවත විදුලිබිල සියයට 12 කින් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් විදුලි බිල තුනෙන් එකකින් අඩුකරන බව ජාතික ජනබලවේග ආන්ඩුව බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් අද වනවිට සෑම අංශයකටම දරා ගැනීමට නොහැකි ලෙස විදුලි බිල වැඩි කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව සියයට 36 කින් ඉන්ධන මිල වැඩි කර තිබෙනවා. දකුණු ආසියාවෙත් වැඩිම ඉන්ධන මිලක් ලංකාවේ වාර්තා වෙනවා. ඉන්දියාවේ ඩොලර් 1.09 , පකිස්තානයේ ඩොලර් 1.35 , චීනයේ ඩොලර් 1.0 , ශ්‍රී ලංකාවේ ඩොලර් 1.45 ක් වෙනවා. දකුණු ආසියාවේ වැඩිම ඉන්ධන මිල ගණන් තිබෙන රටක් බව ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. ඒ වගේම මිල සුත්‍රය අහෝසි කරන බව කියු ආණ්ඩුව තුන් වතාවක් ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ යාමට හැකියාවක් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබනවා. ඉදිරියේදී තවත් ඉන්ධන මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.
ඒ වගේම විදුලි බිල වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපැවේ ගල් අගුරු වංචාව. මේ වනවිට රටට පැමිණි ගල් අගුරු නැව් සියල්ලම ප්‍රමිතයෙන් තොර ගල් අගුරු නැව්. මේ හරහා බිලියන ගණනක පාඩුවක් රටට සිදුවී තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවෙනවා. මේ පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.
ගල් අගුරු හොරකම නිසා විදුලිබිල සියයට 12 කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනා සමාගමටම නැවත ගල් අගුරු ගෙන්වීමට ආණඩුව ඉඩ ලබාදී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනැවිත් රටට විශාල පාඩුවක් අත්කරදුන් සමාගම ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කටයුතු කරනවා.
ඒ වගේම ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අගැමැතිවරයා කිසිදු දෙයක් ප්‍රකාශ කළේ නැහැ.
ඒ වගේම ටින් මාළු මිල , මුං ඇට මිල , වියළි මිරිස් මිල , සිනි මිල , පොල්තෙල් මිල , බිත්තර මිල , හාල්මැස්සෝ මිල සීඝ්‍ර ලෙස වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරන ජනතාවට සහන ලබාදෙන බව බලය ලබා ගැනීමට පෙර ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් ප්‍රකාශ කළා.
නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළ කියපු සෑම දෙයකටම ජනතාව රැවටුණා. කෙසේ නමුත් ආණ්ඩුවට පිළිතුරක් දෙන්න ජනතාව සුදානමින් සිටිනවා. ඒ වගේම ජනතාව වෙනුවෙන් පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම සමගි ජනබලවේගය පච මදිවට හොරු ලෙස රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ආණඩුවට විරුද්ධව උද්ඝෝෂණ මාලාවක් රටපුරා පවත්වන්න සමගි ජනබලවේගය වැඩ කටයුතු සුදානම් කර තිබෙනවා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ ආකාරයට සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145 කට වඩා බද්දක් අය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඩිසල් ලිටරයකින් රුපියල් 100 කට වඩා වැඩි බද්දක් අය කරන්න කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව මේ හරහා විශාල ලාභයක් උපයා ගනු ලබනවා. කෙසේ හෝ අසාධාරණ ලෙස අයකරන බදු ඉවත් කර ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
ඒ වගේම ගල් අගුරු වංචාවට ආණ්ඩුවේ සියලුම දෙනාම සම්බන්ධයි. අවසානයේදී මේ පාඩුව ගෙවන්න සිදුවන්නේ රටේ අහිංසක මහජනතාවට. ආණ්ඩුවේ කිසිවෙක් මේ පාඩුව ගෙවන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම විදුලිය කප්පාදු නොකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දැනටත් ආණ්ඩුව විදුලිය කප්පාදු කරනු ලබනවා. ජනතාව දැනුවත් නොකර විදුලි කප්පාදුවක් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
මේ බව ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. ඉදිරියේදී නිල වශයෙන් විදුලි කප්පාදුවක් ඇතිවීමේ ඉඩකඩක් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරිම හේතුවෙන් නිෂ්පාදනය වන විදුලි ධාරිතාවය අඩුවී තිබෙනවා. ඒ නිසා ඩිසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුවී තිබෙනවා. ඒ සඳහා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවෙන්න හැකියාව තිබෙනවා.‘‘




















