අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්ත්වා පානදුර, කිරිබේරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි ඇලකාවගේ සඳුන් උදාර අල්විස් නමැති 31 හැවිරිදි පුද්ගලයා වන අතර, ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සළිඳු’ ගේ මෙහෙයවීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඝාතනයෙන් පසු සිරුර හොරණ තිබ්බටුගොඩ සූසාන භූමියේ වළ දැමූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මාලමුල්ල බටහිර සහ ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 44 සහ 64 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.




















