BREAKING NEWS
Search

දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් ගසා කෑ හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

6

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලාංකීය මහජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයේ දී තාවකාලිකව ඉදිකළ වැසිකිළි සිය පුතාගේ සමාගමට ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 90ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැයට කිරුළ හිටපු අධ්‍යක්ෂිකා හා හිටපු සහකාර ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් ගත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාස තුනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාන්ති ගුණවර්ධන නමැති සැකකාරිය මෙසේ ඇප මත මුදා හැරියේය.

අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරියකව සිටි සැකකාරිය දැයට කිරුළ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරමින් වැසිකිළි ටෙන්ඩරය සිය හිතවතුන්ට ලබා දී ඇති බවය.

එසේ ලබාදීමේදී සිය පුතාගේ සමාගමට ද එය ලබාදෙමින් මෙම පාඩුව සිදු කර ඇති බව පැවසී ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *