අල්ලස් ගත් ආදායම් පරිපාලක මාට්ටු

7

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අද(29)වන දා උදෑසන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

සැකකරු බඩල්කුඹුර ප්‍රෙද්ශයේ පදිංචිව සිටින මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා ලෙස සේවය කරන 40 හැවිරිදි අයෙකි.

මොනරාගල නගරයේ පොදු වැසිකිළිය ටෙන්ඩර් මඟින් ලබාගෙන ඇති අයෙකු ගලි බවුසරය සඳහා ගෙවිය යුතු මුදල ප්‍රමාද කොට ගෙවීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා එම මුදල මොනරාගල බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසල දී කොන්ත්රාමත්කරුගෙන් ලබා ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *