තෙල් නැවක් දුන්නාට ජනපතිගෙන් මෝදිට තුති

5

ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ස්තුතිය පළ කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ස්තුතිය පළ කරන්නේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි. “මැදපෙරදිග ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර ඉන්දීය අගමැති සමඟ කතා කළා.

ඉන්දියාවේ කඩිනම් සහයෝගයට කෘතඥ වෙනවා. ඊයේ කොළඹට ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් ලැබුණා” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ එක්ස් සටහනේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *