සේවා රැසක් අත්‍යවශ්‍ය ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස් කුමානායක මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
විදුලි බලය සැපයීම සම්බන්ධව සියළු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන,ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය,මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා,මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම,ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්,ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන්,සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවි බල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය, ගිලන් රථ සේවාවන්,ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූවී ගෙන යාම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කර ගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලුම සේවාවන්,වාරි මාර්ග සම්බන්ධ සියලු සේවාවන්, දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන්, පහත් බිම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවාවන්,කෘෂි සහ කෘෂි රක්‍ෂණ සේවා සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.




















