ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු කාමරය රෝගීන්ට දිනකට රුපියල් 70,000ක මිලකට ලබාදීමේ යෝජනාවක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාමරය රෝගීන්ගේ පාවිච්චිය සඳහා වෙන් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි බලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. සියලු පහසුකම්වලින් සමන්විත වායු සමීකරණය කරන ලද මෙම කාමරය රෝහලේ සෙසු කාමරවලට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ විශාල වූවකි.




















