කෝටියක තහනම් මල් වැවු තණමල්විල තරුණයා මාට්ටු

5
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 33 හා 31 වයස්වල පසු වන පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී .එම්.පී. බණ්ඩාරට ලද පුද්ගලික තොරතුරකටකට අනුව තංගල්ල විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ද සහාය ඇතිව වැටලීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

එහිදී ලද තොරතුරකට අනුව තණමල්විල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් සැකකරුවෙකු තණමල්විල පිහිටි ඔහුගේ නිවෙසේදි අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 460ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් නිළධාරින් කණ්ඩායම ඒ ආසන්නයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවෙස පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 511 , දේශීය වියලි ගංජා කිලෝ 20ක් හා ගංජා ඇට කිලෝ 04යි ග්‍රෑම් 140 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට මෙලෙස හොර රහසේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ ජාවාරමේ යෙදී සිට ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය තොගය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *