“ඔයාල එනකන් අපි බලාගෙන ඉන්නේ” ඉරාන කතානායකගෙන් ඇමරිකාවට පණිවිඩයක්

4
සිය රටේ හමුදාවන් ඇමරිකානු සොල්දාදුවන් ගොඩබිමට පැමිණෙන තෙක් බලා සිටින්නේ ඔවුන්ට දැඩි ලෙස පහරදීමට බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කළා.
ඒ, නාවිකයන් සහ මැරීන් භටයින් 3,500කුගෙන් සමන්විත යූ එස් එස් ට්‍රිපොලි යුද නෞකාව කලාපයට පැමිණ ඇති බවට ඇමරිකාව නිවේදනයෙන් කිරීමත් සමඟයි.ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ සතුරු කණ්ඩායම් ප්‍රසිද්ධියේ සාකච්ඡා සඳහා ඉඟි පල කරන අතරතුර, රහසින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා කුමන්ත්‍රණය කරන බවයි.

පෙන්ටගනය ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *