Latest Articles
Search

චීනයම හොල්ලපු ලංකාවේ මල් විකුණන මල්ලීගේ සැගවුණු කතාව එලියට

198
ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හේතුවෙන් පමණක්ම නොවේ.

Advertisement
මෙරට කඳුතර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

Advertisement

“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

Advertisement

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13ක් ඉක්මවා තිබෙනවා.

Advertisement

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් හේතුවෙන්.

Advertisement

හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා සොයා ගියා.

Advertisement

කොත්මලේ ජීවත් වන දිලිප් පවුලේ තුන්වැනියායි.

Advertisement

මව් සෙනෙහස කුඩා කාලයේදීම දිලිප්ට අහිමි වන්නේ පවුලේ බර ඔහු කරමත තබමින්.

Advertisement

ඒ අනුව පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා.

Advertisement

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

Advertisement

ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් එහි ගිය අපට දැන ගන්නට ලැබුණා.

Advertisement

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

Advertisement

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට ශ්‍රී ලාංකික අපද අතහිත දෙමින් ඇගයීමට ලක්කල යුතු නොවේද?

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *