BREAKING NEWS
Search

පාසල් සිසුන්ට විශේෂ ආරංචියක්! මෙන්න සම්පුර්ණ විස්තරය

70
ලංකාවේ පාසල් යන දරුවන්ට වගේම දෙමව්පියන්ටත් ගොඩක් වටිනා ‘සිසුසැරිය’ බස් සේවාව ගැන අද කොළඹදී විශේෂ අනාවරණයක් කෙරුණා.
ඒ, අධ්‍යාපන සහ ප්‍රවාහන අමාත්‍යාංශ එක්ව දියත් කරන මෙම සේවාවට තවත් දැවැන්ත ශක්තියක් එක් කරමින්.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සදහන් කළේ, සිසුසැරිය බස් සේවාව වෙනුවෙන් අලුත්ම බස් රථ 200කට අධික ප්‍රමාණයක් ඉදිරියේදී එක් කිරීමට නියමිත බවයි.

දරුවන්ගේ ආරක්ෂිත ප්‍රවාහනය තහවුරු කරන්න මේ වසර තුළදී තවත් සුවිශේෂී පියවර රැසක් ගන්නා බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද මෙහිදී අවධාරණය කළේ.
“දරුවන්ගේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් විදිහට මේ වසරේ සිසුසැරිය සේවාව වඩාත් විධිමත් කරනවා…”

මෙම පියවරත් සමඟ ඉදිරියේදී දිවයින පුරා පාසල් දරුවන්ට වඩාත් පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *